ජුනි මාසයේ මෙරට ඇගළුම් අපනයන කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

JAAF Logo

2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී තිබේ. මෙය විශේෂයෙන්ම යුරෝපා සංගම් (EU) වෙළඳපොලේ 23.1% කින්ද, එක්සත් රාජධානියේ (UK) 20.4% කින්ද පෙන්නුම් කරන ලද කැපී පෙනෙන වර්ධනයන් හේතුවෙන් සිදුවී ඇත.

කෙසේ වෙතත්, එක්සත් ජනපදයට (-5.7%) සහ අනෙකුත් කලාපවලට (-9.3%) අපනයන අඩුවීමක් වාර්තා වී ඇත.

2025 වසරේ මුල් භාගය (ජනවාරි-ජූනි) සඳහා සමස්ත අපනයන, පසුගිය වසරට සාපේක්ෂව 8.95% කින් ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ යුරෝපා සංගමය (+16.7%), එක්සත් ජනපදය (+4.1%), එක්සත් රාජධානිය (+6.4%) සහ අනෙකුත් වෙළඳපලවල් (+8.9%) හි ශක්තිමත් ක්‍රියාකාරිත්වයයි.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන්නේ මෙම සංඛ්‍යා දත්ත යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වැනි ප්‍රධාන වෙළඳපලවල දිරිගන්වනසුලු ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි. ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය උපායමාර්ගික විවිධාංගීකරණය සහ ශ්‍රී ලංකා ඇඟලුම් කෙරෙහි ගැනුම්කරුවන්ගේ අඛණ්ඩ විශ්වාසය හේතුවෙන් ඔරොත්තු දීමේ හැකියාව සමඟින් ඉදිරියට යන බව JAAF අවධාරණය කරයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව