ජීවිත දස දහසක් එළිය කරන්නට ප‍්‍රයිම් සමූහයේ ‘එක් දවසක් සිත් දහසක් ’සමාජ සත්කාරය

Image 1

 




 

 

නිරතුරුව ශ‍්‍රී ලාංකීය ජන සමාජය බල ගැන්වීමට අඛණ්ඩ දායකත්වය දක්වන මෙරට විශාලතම හා ICRA [A]ස්ථාවර ණය ශ්‍රේණියක් හිමි එකම දේපල වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහයල සිය කාර්යමණඩලයේ ද දායකත්වයෙන් දියත් කළ ‘එක් දවසක් සිත් දහසක්’ සමාජ සත්කාරක ප‍්‍රවේශය තුළින් කෝවිඞ් වසංගතය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ මොරටුව ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලදි.

මෙම ‘එක් දවසක් සිත් දහසක්’ සමාජ සත්කාර ප‍්‍රවේශයේ පළමු අදියර යටතේ අත්‍යාවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් මොරටුව සුනාමි මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන පවුල් 320ක් වෙත පරිත්‍යාග කිරීම ජුනි 23 වන දින සිදු කළ අතර මෙහි සංකේතාත්මක අවස්ථාවට කොළඹ දිස්ත‍්‍රික් ලේකම්, ප‍්‍රදීප් යසරත්න, මොරටුව ප‍්‍රාදේශීය ලේකම් ඉසංකා උඩවත්ත, උයන දකුණ ග‍්‍රාමනිලධාරී එච්.ආර්.එම් ප‍්‍රියන්ජිත්, දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ වින් කමාන්ඩර් මහේෂ් ගුණරත්න  සහ ප‍්‍රයිම් සමූහයේ විධායක කමිටු සාමාජිකයින් ද සහභාගී වූහ. රජය මගින් ප‍්‍රකාශයට පත් කර ඇති නිරෝධායන නීති සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ප‍්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම පරිත්‍යාගය සිදු විය. ප‍්‍රයිම් සමූහයේ සමස්ත සේවක මණ්ඩලයේ කැපවීම මත ඇරඹී මෙම මාහැ`ගි සමාජ සත්කාරක ප‍්‍රවේශය සමග තවත් සමාජ සත්කාරක ව්‍යාපෘතින් දෙකක් නුදුරේදීම දියත් කිරීමට සැලසුම් කර ඇත.

‘‘එදිනෙදා ජීවනෝපාය සකස් කර ගත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වන විට කෝවිඞ් වසංගතය හේතුවෙන් ආදායම් මාර්ගයක් නොමැතිව සිය එදිනෙදා ජීවිතය හෝ පවත්වාගෙන යෑමට නොහැකිව අසරණව සිටිනවා. මෙබඳු පවුල් බොහොමයක සාමාජිකයින්ට තම මූලික අවශ්‍යතාවක් වන ආහාර සපයා ගැනීමට හෝ මාර්ගයක් ඇත්තේ නැහැ. එබැවින් වගකීම් සහගත සමාගම් සමූහයක් ලෙස මෙම දුෂ්කර අවස්ථාවේදී යම් කැපකිරීමක් සිදු කරමින් අපහසුතාවට පත් ව සිටින සිය සහෝදර රටවැසියන් ගේ ජීවිතවලට යම් සහනයක් ලබා දීමට අපි උත්සාහ කළා. මේ යටතේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ජන කණ්ඩායම් හඳුනාගනිමින් ඔවුන්වෙත කඩිනමින් වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට ප‍්‍රයිම් සමූහයේ සාමාජිකයින් කටයුතු කළා. මිහිකතෙන් හොඳම තැනක් අපගේ පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා වන අපගේ බැඳීම වටහා ගනිමින් ප‍්‍රයිම් සමූහයේ සහෝදර සේවක සේවිකාවන් විසින් ඇරඹූ ‘එක් දවසක් සිත් දහසක්’ උදාර සමාජ සත්කාරක ප‍්‍රවේශය පිළිබඳව මගේ හදපිරි කෘතඥතාව පිරිනමන අතර මෙම දුෂ්කර අවස්ථාවේදී විපතට පත්වූවන් පිළිබඳව ඔවුන් තුළ ඇති සහකම්පනය පිළිබඳව මා බෙහෙවින් සතුටු වනවා’’ යනුවෙන් ප‍්‍රයිම් සමූහයේ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රහ්මණගේ මහතා පැවසීය.

මෙම ‘එක් දවසක් සිත් දහසක්’ සමාජ සත්කාරක ප‍්‍රවේශය විසින් කෝවිඞ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුද්ගල කණ්ඩායම් තුනක් හඳුනා ගෙන ඇති අතර ඊට අනුරූපව ඔවුන්ගේ ඉදිරි සමාජ සත්කාරක වැඩසටහන් දියත් කරනු ඇත. මෙම සමාජ සත්කාරක ව්‍යාපෘති සඳහා රාජ්‍ය ව්‍යසන කළමනාකරණ අංශයේ සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි පූර්ණ සහයෝගය හිමිවේ.

කෝවිඞ් වසංගතයෙහි තෙවන රැුල්ල සමග ඇති වූ දරුණු ව්‍යසනකාරී තත්වය රටේ සෑම අංශයකටම දැඩි බලපෑමක් ඇති කළ අතර මෙම පසුබිම තුළ රට වැසියන් අවදානමෙන් මුදවා ගැනීම සඳහා ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර සමූහයක් ලෙස ලබා දිය හැකි සෑම දායකත්වයක් ම ලබා දීමට ප‍්‍රයිම් සමූහය පෙරමුණ ගත් අතර ජීවිත ජීවත් කරවන වෛද්‍ය උපකරණ මෙන්ම කෝවිඞ් සමග ගැටෙමින් එහි පැතිරීම වළක්වා ගැනීමට කැපවී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා අවශ්‍ය පහසුකම් පරිත්‍යාග කිරීමට ද ප‍්‍රයිම් සමූහය පියවර ගන්නා ලදි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව