ජැක් මා පදනම සහ අලිබාබා පදනම විසින් තවත් ආසියාතික රටවල් 10ක් සඳහා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කරයි.

Jackma-1

ජැක් මා පදනම සහ අලිබාබා පදනම එක්ව අද දින කල නිවේදනය ට අනුව එම ආයතන, ගෝලීය තර්ජනයක් වූ COVID 19 ට මුහුණ දීම අරමුණු කොට ගෙන තවත් රටවල් 10ක් සඳහා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇත.

ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, කාම්බොජියාව, ලාඔස්, මාළදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්තානය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම පදනම් දිවිත්වය විසින් සාමූහිකව මුහුණු ආවරණ මිලියන 1.8ක්, COVID 19 පරීක්ෂණ කට්ටල 210,000ක්, ආරක්ෂිත ඇඳුම් 36,000ක්, සමග නළල් උෂ්ණත්වමාන හා වාතාශ්‍ර යන්ත්‍ර වැනි අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ හා අනෙකුත් සැපයුම් ලබා දෙනු ඇත.

“ආසියාවට ජය. අපි ආසියාවේ රටවල් 10කට හදිසි සැපයුම් පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වෙන්නෙමු” ජැක් මා තම Twitter ගිණුමේ සටහනක් තබමින්, පදනමේ නව ප්‍රතිපත්ති සඳහන් කලේය.

“ඉක්මනින් ලබා දීම පහසු කාර්යයක් නොවූවත්, අපි එය ලබා දෙන්නෙමු”

පරිත්‍යාග ලබා දීමේ දී ඉලෙක්ට්‍රොනික ලෝක වෙළඳ වේදිකාවේ (eWTP) ශක්තිමත් ඇතිහැකි කම භාවිතයට ගැනේ. ලබා දෙන රටවල් වල ගණන සහ භූගෝලීය දුරස්ථ භාවය හේතුවෙන් සිදුවන පරිත්‍යාග ප්‍රවාහනයේ ඇතිවන ලොජිස්ටික් හා ප්‍රවාහන දුශ්කර තා අවම කර ගැනීම මෙහි අරමුණයි.

“මෙම වසංගත තත්වය යටතේ,ගෝලීය ලොජිස්ටික් ගැටළු රාශියක් මතුවී ඇත. නමුත් eWTP හි සහයත් සමග , මෙම සැපයුම් වඩාත් අවශ්‍යයතා ඇති දුශ්කර පළාත් වලට අපි වඩාත් වේගවත් ලෙසට ප්‍රවාහන කිරීමට බලාපොරොත්තු වෙමු.” ; eWTP මහලේකම් ජුන්ටාවෝ සොන්ග් ඉදිරිපත් කල ප්‍රකාශයේ සටහනක්.

සතියේ මුල් දිනවල මෙම පදනම් ද්විත්වය, මැලේසියාව,ඉන්දුනීසියාව, තායිලන්තය සහ පිලිපීනය වෙනුවෙන් eWTP හි කාර්යයක්ෂම හැකියාව භාවිතා කර වඩාත් වේගවත් සහ විශ්වාසදායක ලෙස වෛද්‍ය සැපයුම් ප්‍රවාහනයක් සිදු කලේය. පොඩි හා විශාල ව්‍යවසායන් තවත් ශක්තිමත් කර, එම ව්‍යවසායන් වල මුළු ආර්ථික විභවය හඳුනාගැනීමට පිටුවහලක් වීමට eWTP හට ජනවරමක් ඇත, මෙය එම ව්‍යාපාර වලට වඩාත් ඵලදායී ලෙස ගෝලීය ආර්ථිකයට සම්බන්දවීමට අවස්තාව ලබා දෙයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව