ජපානයේ විදේශ කටයුතු ඇමැතිනිය විජිත යාපා පොත්හලේ

Japanese FM visit to VYB 2024 (LBN)

කොළඹ පිත්තල හන්දියේ පිහිටි විජිත යාපා පොත්හලට ජපානයේ විදේශ කටයුතු ඇමතිනිය වන යොකෝ කමිකාවා මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙයාකි මහතා පසුගිය සෙනසුරාදා (මැයි 4) පැමිණ ශ්‍රී ලංකාව පිළිබඳවත් ළමුන් සදහා වු පොත් පිළිබඳව උනන්දුවක් දැක්වීය. ජපන් භාෂාව ප්‍රවර්ධනය කරන පොත් ප්‍රකාශකයෙකු ලෙස විජිත යාපා පොත් හල ප්‍රකට වී ඇත. එම අවස්ථාවේදී වෛද්‍ය ඇන්ටන් සෙබැස්ටියන් ගේ ‘The Complete Illustrated History of Sri Lanka’ කෘතිය ජපන් විදේශ ඇමතිනිය හට පරිත්‍යාග කරන ලදි. ලන්ඩන් නුවර විසූ වෛද්‍ය සෙබැස්ටියන් මහතා විශ්‍රාම ගොස් තිබුණද, කෝවිඩ්-19 වසංගත කාලයේදී තමා සේවය කළ රෝහලට ඔහු ස්වෙච්ඡාවෙන් සේවය කිරිමට නැවත ඉදිරිපත් වූ බවත්, අවාසනාවන්ත ලෙස එම රෝගයට බිලි වූ බවත් ඇමතිනිය දැන ගනු ලැබුවේ එම අවස්ථාවේ දීය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව