ජනශක්ති ලයිෆ් වේගයෙන්ම වර්ධනය වන හොඳම ශ්‍රී ලාංකික සන්නාම 10 අතරට එක්වූ එකම රක්ෂණ සමාගම බවට පත් වේ.

Ravi Liyanage, Director Chief




 

2022 ජූනි 1, කොළඹ: ජනශක්ති රක්ෂණ සමාඟම,  ලොව සුපතල සන්නාම තක්සේරු ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ඉහලම සන්නාම 10 ශ්‍රේණිගත කිරීම් අනුව, 2022 දී A+ ශ්‍රේණිගත කිරීමක් සහ සන්නාම ප්‍රබලතා දර්ශක (BSI) ලකුණු 569ක ආකර්ෂණීය සන්නාම අගයක වර්ධනයක් වාර්තා කරමින් ‘වේගයෙන්ම වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාමයන් 10’ අතරට පත් වූ එකම රක්ෂණ සන්නාමය ලෙස ගෞරවයට පාත්‍ර විය. ජනශක්ති සමාඟම 2022 වසර තුළ වෙළඳපොලේ ඇති සියලුම ජීවිත රක්‍ෂණ සන්නාමවල මුළු සන්නාම වටිනාකමට සාපේක්ෂව 22% ක කැපී පෙනෙන වර්ධනයක් ලබා දී ඇත.මෙම සන්නාම වටිනාකම ඉහළ යාමට, 2021 වසර තුළදී, තරගකාරිත්වය අභිබවා ශක්තිමත් වෙළෙඳපොළ කොටස් වර්ධනයක් අත්කර ගනිමින් අඛණ්ඩව බිලියන දෙකක සන්ධිස්ථානයක් පසුකරමින් ජනශක්ති ලයිෆ් හි ඓතිහාසික ජයග්‍රහණය මහත් රුකුලක් වූ අතර 115% කට වැඩි ප්‍රමාණයක කැපී පෙනෙන නිත්‍ය වාරික පළමු වසර වාරික (FYP) වර්ධනයක් සමඟින් සියලු නියමිත ඉලක්ක සහ අභියෝග සියල්ල ජය ගැනීමට හැකි විය.

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් යනු ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු  හා උපදේශකත්ව ආයතනයකි. වසර 20 කට වැඩි කාලයක් පටන් තම උපදේශකත්ව සේවාව තුලින් විවිධ සමාගම් සහ සංවිධානවලට ඔවුන්ගේ වෙළඳ නාම වර්ධනය කිරීමට උපකාරී විය. “ජනශක්ති රක්ෂණ සමාගම යනු ක්ෂේත්‍රයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමයයි. රක්ෂණ ක්ෂේස්ත්‍රයේ නව්‍ය රක්‍ෂණ විසඳුම් සඳහා සක්‍රීයව සම්බන්ධ වීම මඟින්  මුල්‍ය ක්‍රියාකාරීත්වයේ වර්ධනයක් සටහන් කර බැවින්,  ශ්‍රී ලංකා 100 ශ්‍රේණිගත කිරීම්වල වටිනාකම සහ ශක්තිය යන සාධක දෙකෙහිම ඉහළ යාමට ජනශක්ති සන්නාමයට හැකි වී තිබේ” යනුවෙන් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද 2022 සන්නාම අගය ශ්‍රේණිගත කිරීම්වල Brand Finance වාර්තා කර ඇත.

“2022 වර්ෂයෙහි, ජනශක්ති ලයිෆ් සන්නාමය ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාම අතරින් හොඳම 10 අතරට පැමිණීම ගැන අපට මහත් ආඩම්බරයකි. මෙම ජයග්‍රහණය කරා ළඟා වීමට අප හට උපකාර වූ ප්‍රධාන සාධක කිහිපයක් වනුයේ  අපගේ වාර්තාගත මුළු ආදායම රු. බිලියන 7.2 පසුගිය වසරට සාපේක්ෂව 14% ක වර්ධනයක් (2020 දී රු. බිලියන 6.2) සහ 45% ක ප්‍රශංසනීය දළ ලිඛිත වාරික වර්ධනයක්, නව්‍ය රක්ෂණ විසඳුම් සහ අභියෝගාත්මක කාලය මධ්‍යයේ සමාගමේ ලාභදායිත්වය සඳහා අසමසම දායකත්වයක් ලබා දුන් ජනශක්ති සිංහ බලකායේ කැපවීම සහ තාක්ෂණික විශේෂඥතාවයි . යැයි ජනශක්ති රක්ෂණ සමාගමෙහි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

වසර 27ක කාලයක් පුරා, ජනශක්ති රක්ෂණ සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ඉදිරියටම ගමන් කරන අතර එහි දීප ව්‍යාප්ත ශාඛා 75+ ජාලය සෑම තරාතිරමකම පුද්ගලයන්ට එහි අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙයි.ජනශක්ති සිංහ බළකායේ කාර්යශූරත්වය සහ කැපවීම සමඟින් ගෝලීය ප්‍රමිතීන්ට සමගාමීව මේ වන විට MDRT ජයග්‍රාහකයින් 100 කට අධික සංඛ්‍යාවක් සමාගම තුලින් බිහි වූ අතර සිය සේවකයින් සවිබල ගන්වමින් ධනාත්මක වටිනාකම් සහිත සංස්කෘතියක් පෝෂණය කිරීමට දක්වන කැපවීම අගයමින් ජනශක්ති රක්ෂණ සමාගම එහි සුවිශේෂී සේවා ස්ථාන සංස්කෘතිය සඳහා Great Places To Work ආයතනය මගින් ශ්‍රී ලංකාවේ විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස ද  පිළිගැනීමට පාත්‍ර විය.

ජනශක්ති රක්ෂණ සමාගම විසින් පාරිබෝගිකයින් හට තම ජීවිතයේ විවිධ අවධීන් සහ අවස්තාවන් හට සරිලන පරිදි  රක්ෂණාවරණ සැලසුම්, විසඳුම් සහ ප්‍රතිලාභ සැලසුම් හඳුන්වා දී  ඇත.




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව