ග‍්‍රාමීය අංශයේ ව්‍යාපාර සැපයුම්කරු ජාලය දියුණු කිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ ‘දිරිශක්ති’ යෝජනා ක‍්‍රමය පුළුල් වෙයි

Dirishakthi expansion - Composite

 




 

 

ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට මූල්‍ය සහාය ඇතුළුව පුළුල් සහයෝගයක් ලබාදෙමින් ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන ‘දිරිශක්ති’ ණය වැඩසටහන තවත් පුළුල් කරමින් එය නව මානයකට රැගෙන යාමට බැංකුව කටයුතු කර තිබේ.

මේ අනුව, බිම් මට්ටමේ ව්‍යාපාරික ශක්‍යතාවයක් පවතින ජීවනෝපාය ක‍්‍රම වෙනුවෙන් තනි පුද්ගලයෙකුට ණය ලබාදීමෙන් ඔබ්බට ගොස් එම ව්‍යාපාරයට සම්බන්ධ සියළුම සැපයුම්කරුවන්ට ප‍්‍රතිලාභ ලබාදීම දක්වා මෙම වැඩසටහන පුළුල් කිරීමට බැංකුව කටයුතු කර ඇත.

මෙහිදී, ක්ෂුද්‍ර ව්‍යවසායකත්ව නිෂ්පාදන දාමයට මූල්‍ය සහ මූල්‍ය නොවන සේවා සහයෝගය ලබාදීම මගින් එම අංශයේ ධාරිතාවය වර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ වෙනුවෙන් ‘දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහන’ සහ ‘දිරිශක්ති තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන’ හඳුන්වා දී තිබේ. මෙම වැඩසටහන් දෙක මගින් තිරසාර වැඩසටහන් සහ දැනුම වර්ධනය කිරීමේ මෙන්ම ධාරිතාවය ගොඩනැගීමේ කටයුතු සිදුකිරීමට කටයුතු කර ඇත.

මේ අනුව, නිෂ්පාදනයේ සිට අවසාන පාරිභෝගිකයා දක්වා දාමයේ සිටින පුද්ගලික සහ රාජ්‍ය හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් සමස්ත අගය දාමයේ ඵලදායීතාවය සහ ලාභදායීතාවය ඉහළ නැංවීම වෙනුවෙන් ‘දිරිශක්ති’ අගය දාම සංවර්ධන වැඩසටහන නිර්මාණය කර ඇත.

මෙම වැඩපිළිවෙල යටතේ දැනට සිටින පාරිභෝගිකයින් සහ ප‍්‍රජාව පදනම් කරගත් ආයතනවල සහයෝගයෙන් බැංකුව විසින් අගය දාමයේ සිටින සියළුම පාර්ශවකරුවන් හඳුනාගන්නා අතර ඔවුන් අතුරින් අසීරුතාවයට පත්ව සිටින කාන්තා ව්‍යවසායකයින් සහ අඩු ආදායම් ලාභීන් වැනි පාර්ශව සඳහා මූල්‍ය සේවා සහයෝගය ලබාදෙයි. මේ සඳහා බැංකුව විසින් මෙම කණ්ඩායම් සමග සක‍්‍රීයව කටයුතු කරන බැංකුවේ කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකකවල සහයෝගය ලබාගනී.

මීට අමතරව, මෙම වැඩසටහන යටතේ බැංකුව විසින් සිය සාමාජිකයින්ට නව අලෙවිකරණ අවස්ථාවන් සඳහා පහසුකම් සලසන අතර ඒ සඳහා ඔවුන්ව සුළු හා මධ්‍යම පරිමාණ සහ ආයතනික ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ කරමින් ස්වයංක‍්‍රීය ක්ෂේත‍්‍ර මුදල් එකතු කිරීම (Automated Field Cash Collection/AFCC) සහ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍රයක් සහ ටෙලර් කවුළු දෙකකින් සමන්විත Bank of Wheels(BOW) නැමති ජංගම බැංකු සේවා මගින් මුදල් තැන්පතු සහ මුදල් ලබාගැනීමේ සේවා ලබාදෙයි.

මේ අතර, මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ වැඩසටහන් පැවැත්වීමට අමතරව ‘දිරිශක්ති තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන’ වැඩසටහනට සාමාජිකයින් සමග ඒකාබද්ධ වීමේ අවස්ථාව, උපදේශන සේවා ලබාගැනීමේ අවස්ථාව, පුහුණුව සහ මූල්‍ය සහයෝගය මෙන්ම පාරිසරික තිරසාරභාවය සමග ධාරිතාවය ගොඩනැංවීමේ අවස්ථාවන් ඇතුළත් වේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + seventeen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව