ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව

LBN-5

(Best Sub- Custodian) බැංකුව ලෙස HNB සම්මාන ලබයි

දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී අවසන් වූ 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව (HNB) සම්මානයට පාත‍්‍ර විය.

2018 පෙර බහුජාතික බැංකු විසින් ආධිපත්‍ය පැතිර වූ කාණ්ඩයක HNB ජයග‍්‍රාහකයින් ලෙස මෙම සම්මානයට පාත‍්‍ර වූයේ අඛණ්ඩව දෙවන වසරට ය.

‘‘ශ්‍රී ලංකාවේ විශාලතම සහ විශ්වසනීය මූල්‍ය ආයතනයක් ලෙස, අවුරුදු 4කට පෙර මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අප මෙවැනි කීර්තිමත් ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමට ලැබීම සැබවින්ම ගෞරවයක්.

දෙවන වසරටත් වත්කම් භාරකාරත්ව බැංකුකරණයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සේවා සපයන්නා ලෙස HNB හි ස්ථාවරත්වය අප සතු විශේෂඥතාවය, හවුල්කාරීත්වයන් සහ දැනුමින් සම්පූර්ණ වාසිය ලබා ගෙන එමගින් ලාභදායී, ඉක්මන් හා විශ්වාසදායී සේවයක් ලබා දීමට අපට ඇති හැකියාව මැනවින් පිළිබිඹු කරයි’’ යනුවෙන් HNB හි භාරකරත්ව සේවා ප‍්‍රධානී, ටිරෝන් හනන් මහතා පැවසුවේය.

විශ්වසනීය හා ගුණාත්මකභාවයෙන් ඉහළ සේවාවන් ලබා දෙන ආයතන තෝරා ගැනීම සඳහා වන වෙළෙඳපොළ පර්යේෂණ, විශේෂඥ සේවාවන්ගෙන් ලබා ගත් අදහස් හා තොරතුරු මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය බැංකු අතරට ඇතුළත් වීමට අදාල තොරතුරු ආදිය HNB වෙත මෙම සම්මානය පිරිනැමීමේදී, ග්ලෝබල් ෆයිනෑන්ස් හි කතෘ මණ්ඩලය සලකා බැලූ නිර්ණායක විය.

‘‘ශ්‍රී ලංකාවේ වත්කම් භාරකාරත්ව බැංකුකරණ සේවාවන් හි නිරත පළමු දේශීය පුද්ගලික බැංකුව ලෙස, මෙහි නායකත්වය ග‍්‍රහණය කර ගැනීමට HNB සතු හැකියාව අපගේ දේශීය හා ගෝලීය සබඳතාවන් හි ශක්තිය මත පදනම් වී තිබෙනවා. එමෙන්ම තාක්ෂණයන් සඳහා අප සිදු කරන සැලකිය යුතු ආයෝජනයන් කාර්යක්ෂමතාවය හා සේවා හැකියාවන් මෙමගින් වැඩි දියුණු කෙරෙනවා. මෙම අංශය සම්බන්ධයෙන් අප ලබා ගෙන ඇති සාර්ථකත්වය අපගේ කණ්ඩායම සතු විශිෂ්ට හැකියාවන් හා උත්සාහයන් සහ අසමසම සේවාවක් සැපයීම සඳහා පුළුල් දේශීය දැනුම, නවීන තාක්ෂණික හැකියාවන් සමඟ සබඳතා ආකර්ෂණය කිරීමට ද ඔවුන් සතු හැකියාව පිළිබඳ කදිම සාක්ෂියක්,’’ යනුවෙන් HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව