ගම්පහ මහා නගර සභාව, කොමර්ෂල් බැංකුවේ සහයෝගීත්වයෙන් ගාස්තු ගෙවීම් සේවා ඩිජිටල්කරණය කරයි

IPG-for-Gampaha-MC

 




 

 

ගම්පහ මහා නගර සභාව, කොමර්ෂල් බැංකුව සමඟ සහයෝගයෙන් සිය ගෙවීම් පහසුකම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කර ඇත. ගම්පහ මහා නගර සභාවෙන් සේවය ලබන ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ට දැන් වරිපනම් ගාස්තු සහ වෙනත් සේවාවන් සඳහා ඊ-ඉන්වොයිස් මගින් කොම්බෑන්ක් අන්තර්ජාල ගෙවීම් ක‍්‍රමවේදය (ඉන්ටනෙට් පේමන්ට් ගේට්වේ) හරහා ගෙවිය හැකිය. එමෙන්ම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ්පත් භාවිතයෙන් හෝ මහා නගර සභාවේ කාර්යාලය වෙත පැමිණ LANKAQR භාවිතයෙන් ගෙවීම් සිදු කළ හැක. එමෙන්ම කොමර්ෂල් බැංකුවේ Q+ Payment යෙදවුම භාවිතා කරන්නන් හට ඔවුන්ගේ ඩිජිටල් පසුම්බිය (wallet) හරහා එක් බොත්තමක් පමණක් ක‍්‍රියාත්මක කිරීමෙන් සිය බිල්පත් පියවීමේ පහසුව සහ ආරක්ෂාව භුක්ති විඳිය හැකිය.

කාර්යාල වෙත පැමිණ ගෙවීම් කිරීමේදී ඇති වන සෞඛ්‍ය අවදානම් සැලකිල්ලට ගත් කළ ගෙවීම් ඩිජිටල්කරණය කිරීම කාලෝචිත වන අතර ගෙවීම් සඳහා පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව අඩු කිරීමෙන් මහා නගර සභාවේ සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තර වන බව බැංකුව පවසයි. මේ සමඟ ඩිජිටල් ආකාරයෙන් කළ හැකි වන බොහෝ ගෙවීම් අතර ආදාහනාගාර වෙන් කිරීමේ ගාස්තු, පුස්තකාල ගාස්තු, ශාලා සහ ක‍්‍රීඩා පිටි වෙන් කරවා ගැනීමේ ගාස්තු මෙන්ම ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ගාස්තු ද ඇතුළත් වේ.

මහා නගර සභාවේ ගෙවීම් ඩිජිටල්කරණය නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාව දැක්වෙන මෙම ඡායාරූපයේ ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා (දකුණේ සිට දෙවැනියා) සමඟ (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ ගම්පහ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර රශ්මික අබේකෝන් මහතා, කොමර්ෂල් බැංකු කාඞ් මධ්‍යස්ථානයේ ප‍්‍රධාන කළමනාකාර නිශාන්ත ද සිල්වා මහතා සහ කාඞ් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර කාලිංග දිවාරත්න මහතා පෙනී සිටිති.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව