කොමර්ෂල් බැංකුව SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කිරුළු පළඳී

Peoples Award 2023 (LBN)

 



 

 

මහජන ඡන්දයෙන්, කොමර්ෂල් බැංකුව 2023 SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව’ ලෙස කිරුළු පැළඳ, ශී‍්‍ර ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීපතම බැංකුව වන බව සනාථ කර ඇත.

විවිධ අංශ හරහා පාරිභෝගික මනාපයන් තීරණය කිරීම සඳහා කළ සමීක්ෂණයක ප‍්‍රතිඵල අනුව බැංකුවට මෙම කැපී පෙනෙන සම්මානය හිමි විය. කොමර්ෂල් බැංකුව ශී‍්‍ර ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන අතර සමූහයේ වත්කම් රුපියල් ටි‍්‍රලියන 2.5 ට ළගා වන අතර 2022 දෙසැම්බර් 31 අවසන් වූ වසර සඳහා දළ ආදායම රුපියල් බිලියන 280ක්, තැන්පතු රුපියල් ටි‍්‍රලියන 1.9ක්, ණය පොත රුපියල් ටි‍්‍රලියන 1.2ක සහ පාරිභෝගික සංඛ්‍යාව මිලියන 3.5 ඉක්මවා ඇත.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ පැවසීය. “ශී‍්‍ර ලාංකීය ජනතාව ඔවුන්ගේ ප‍්‍රියතම පුද්ගලික බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරා ගැනීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වන්නෙමු. මෙම සම්මානය අපගේ සන්නාමයේ ප‍්‍රබලත්වය සහ ජනපි‍්‍රයතාවය පිළිබඳ සාක්ෂියක් වන අතර, අපගේ ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික අවශ්‍යතා සපුරාලන නව්‍ය විසඳුම් ලබා දීමට අපගේ කැපවීම තහවුරු කරයි. අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා හැකි හොඳම තේරීම් සහ විසඳුම් ලබා දීමට අපි අඛණ්ඩව විශිෂ්ටත්වය කරා පියමැනීමට උත්සාහ කරන්නෙමු. විශේෂයෙන්ම මෙම දුෂ්කර ආර්ථික තත්ත්වයන් තුළ අපගේ ගනුදෙනුකරුවන්ට සුවිශේෂී සේවාවක් අඛණ්ඩව සැපයීමට මෙම පිළිගැනීම අපව පොළඹවන අතර, අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ අප වෙත දක්වන ලද පක්ෂපාතීත්වය අනුව ක‍්‍රියා කිරීමට අපි කැපවී සිටින්නෙමු.”

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව