කොමර්ෂල් බැංකුව, SLASSCOM වෙතින් රොබොටික් ප්‍රොසෙස් ඔටෝමේෂන් සම්මානය දිනාගනී

ComBank Logo

මෘදුකාංග සේවා සමාගම් ශ‍්‍රී ලංකා සංගමය (SLASSCOM) විසින් පැවැත්වූ 2020 Robotic Process Automation (RPA) සම්මාන සම්මන්ත‍්‍රණයේදී මෙරට තාක්ෂණික නවෝත්පාදනයේ නායකයෙකු වන කොමර්ෂල් බැංකුව විසින් බැංකු සහ මූල්‍ය සේවා අංශය වෙනුවෙන් ලබාදුන් කීර්තිමත් සම්මානය ජයග‍්‍රහණය කරන ලදී.

කොමර්ෂල් බැංකුව විසින් ප‍්‍රධාන මානව සම්පත් කළමනාකරණ ඉල්ලීම් ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගත කිරීම සඳහා උපකාරීවන භාවිතා කරන්නා හඳුනාගැනීම කළමනාකරණ ක‍්‍රමය ස්වයංක‍්‍රීයගත කිරීම වෙනුවෙන් කළ කාර්ය භාරය සඳහා මෙම සම්මානය ලබාදී තිබේ. නවතම රොබෝ තාක්ෂණය සහ ඉහළ ස්වයංක‍්‍රීයගත ප‍්‍රවේශයන් භාවිතා කරන ක‍්‍රියාවලීන් සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් බැංකුව මේ වනවිට විශේෂ ඒකකයක්ද පිහිටුවා ඇත.

SLASSCOM 2020 Robotic Process Automation සම්මානයට සලකා බැලීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ඒ පිළිබඳ පුළුල් අධ්‍යනයක් ඉදිරිපත් කළ අතර ක‍්‍රියාවලී කාර්යක්ෂමතාවය, පාරිභෝගික සේවා ලබාදීම, ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීම සහ පිරිවැය ඉතිරිකර ගැනීම වෙනුවෙන් ප‍්‍රධාන මාධ්‍ය ලෙස රෝබෝ ස්වයංක‍්‍රීයගත තාක්ෂණය පදනම් කරගනිමින් ගොඩනැගූ විසඳුම් ඒ සඳහා ඇතුළත් කළ යුතුවිය.

 




 

 

මේ අනුව බැංකුව විසින් භාවිතා කරන්නා හඳුනාගැනීම කළමනාකරණ ක‍්‍රමය ස්වයංක‍්‍රීයගත කිරීම වෙනුවෙන් ඉදිරිපත්කළ පුළුල් අධ්‍යනය සඳහා ජයග‍්‍රාහී සම්මානය හිමිවූ අතර 2020 දෙසැම්බර් මාසයේදී අන්තර්ජාලය ඔස්සේ පැවැති SLASSCOM RPA සම්මන්ත‍්‍රණයේදී ඒ පිළිබඳව වීඩියෝ ඉදිරිපත් කිරීමක්ද බැංකුව කරන ලදී.

මෙහිදී, බැංකුව විසින් අනාවරණය කළේ භාවිතා කරන්නා හඳුනාගැනීම කළමනාකරණ ක‍්‍රමය බැංකුවේ මානව සම්පත් පද්ධති සමග ඒකාබද්ධ කර තිබෙන බවත් ඒ තුළින් ස්ථීර සහ බැංකු පුහුණු සේවකයින්ගේ තොරතුරු, ඔවුන්ගේ රැකියා වෙනස් වන දින වකවානු සහ පෙර සේවා වෙනස්වීම් පිළිබඳ තොරතුරු ලබාගන්නා බවයි.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 880 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව