ආර්ථික පුනර්ජීවනයට සහය වීම උදෙසා ණය දීමේ වර්ධනය හේතුවෙන් කොමර්ෂල් බැංකු සමූහය 2023 මූල්‍ය වසරේ සිව්වන කාර්තුවේදී රුපියල් බිලියන 56.816 ක ණය ලබාදී ඇති අතර, වර්ෂය අවසන් වන විට රුපියල් ටි්රලියන 1.296 ක ණය පොත් අගයක් වාර්තා කර ඇත.
සමූහයේ තැන්පතු 2023 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ මාස තුන තුළදී රුපියල් බිලියන 36.469 ක මාසික සාමාන්‍ය වර්ධනයක් සමඟ රුපියල් බිලියන 109.408 ක් වූ අතර 2023 මුළු වසර සඳහා 8.60% ක වර්ධනයක් සමඟ රුපියල් ටි්රලියන 2.148 ක අගයක් ගත්තේය.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහයේ මුළු වත්කම් රුපියල් බිලියන 156 කින්, එනම් වසරක් තුළදී 6.24% කින් ඉහළ ගොස් ඇති බව කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත වාර්තා කරන ලදී. අවසාන කාර්තුවේ මාස තුන තුළදී වත්කම් රුපියල් බිලියන 130 කින්, එනම් 5.15% කින් ඉහළ ගොස් 2023 දෙසැම්බර් 31 වන විට රුපියල් ටි්රලියන 2.656 ක් දක්වා ළඟා වී ඇත.
2023 වසර සඳහා දළ ආදායම රුපියල් බිලියන 341.566 දක්වා 21.82% කින් වර්ධනය වී ඇති අතර පොලී ආදායම රුපියල් බිලියන 297.646 දක්වා 33.84% කින් වර්ධනය වූ බව සමූහය පවසයි. පොලී වියදම් වසර තුළදී 53.37% ක ඉහළ අගයකින් රුපියල් බිලියන 211.231 දක්වා වැඩි වීමත් සමඟ, ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 86.415 දක්වා 2.07%ක ආන්තික අගයකින් වර්ධනය විය. කෙසේ වෙතත් මෙය පෙර කාර්තුව අවසානයේ වාර්තා වූ සෘණ වර්ධනය ආපසු හැරවීමේ අවස්ථාවක් වූ අතර සිව්වන කාර්තුවේදී ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 25.534 ක් දක්වා 16.85% කින් වර්ධනය විය.
“අපි මෙම වසර පුරාවට අපගේ ශේෂ පත්‍ර ශක්තිය අඛණ්ඩව සවිබලගන්වා ඇති අතර ප්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව ලෙස අපගේ ස්ථාවරය නැවත තහවුරු කර ඇත්තෙමු,” යැයි කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පැවසීය. “අපගේ නොසැලෙන කාර්ය සාධනය ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට විශිෂ්ඨ ලෙස සේවය කිරීමෙහි ලා අපගේ කැපවීම හා අපගේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ සාක්ෂියකි. මෙම සාර්ථකත්වය මත පදනම් ව ඉදිරිය ගොඩනැගීමට හා අනාගත සෞභාග්‍යයේ නව මානයන් සොයා යාමට අපි බලාපොරොත්තු වෙමු.”
මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා පෙන්වා දුන්නේ, ආර්ථික පුනර්ජීවනය සහ ප්‍රතිසංස්කරණ සිදුවන පරිසරයක් මධ්‍යයේ සිටිමින් බැංකුව සිය නොසැලෙන ශක්තිය සහ අනුවර්තනය වීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කළ බවයි. “පසුගිය වසරවල සිට මෙරටට ගලාගෙන එන අභියෝගවල ප්‍රතිවිපාක මධ්‍යයේ ගමන් කරන විට උපාය මත අවධානය යොමු කිරීම හා පාර්ශවකරුවන් හට සාධාරණත්වය ලබා දීමෙහි ලා අපගේ කැපවීම අචල ව පැවතුණි,” යනුවෙන් ඔහු පැවසුවේය. “අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වැළඳගැනීම හා නව්‍ය ප්රවේශයන් සඳහා ඉඩහසර ලබා දීම යන කාර්යයන් සමඟ අප වේගයෙන් ඉදිරියට පැමිණියේ සියළුම පාර්ශවකරුවන් සඳහා ස්ථාවරත්වය සහ තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමේ සහතිකය ලබා දෙමිනි. අභියෝග හමුවේ අපගේ ඔරොත්තු දීමේ හැකියාව හා අනුවර්තනය වීමේ හැකියාව, සමස්ත කොමර්ෂල් බැංකු කණ්ඩායමේ කැපවීම හා අධිෂ්ඨානය පිළිබඳ සාක්ෂියකි. ඔවුන්ගේ එම නොසැලෙන කැපවීම අපගේ සාර්ථකත්වයේ ප්‍රධාන ප්‍රතිෂ්ඨාවයි.”
සමස්ත වසර සඳහා බැංකු සමූහයේ මූල්‍ය සේවා මත බදු වලට පෙර මෙහෙයුම් ලාභය 36.77% කින් රුපියල් බිලියන 38.885 ක් දක්වා සහ හතරවන කාර්තුව සඳහා 253.81% කින් රුපියල් බිලියන 10.193 ක් දක්වා වර්ධනය වී ඇත. මෙයට හේතුව වූයේ පසුගිය වසරේ හතරවන කාර්තුවේ තිබූ ඉහළ හානි පූරණ ගාස්තු සඳහා මුදල් වෙන් කිරීමයි.
මේ අනුව, සලකා බලන මාස 12 තුළදී බැංකු සමූහයේ බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 33.927 ක්වී තිබෙන අතර එය තුන්වන කාර්තුව අවසානයේ වාර්තා වූ 13.56% ක වර්ධනයට සාපේක්ෂව 38.45% ක ඉහළ යාමකි. සලකා බලන ලද මාස 12 තුළදී ආදායම් බදු රුපියල් බිලියන 12.027 ක් දක්වා වැඩි වීමත් සමඟ බැංකු සමූහයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 21.900 ක් ලෙස වාර්තා කර ඇති අතර එය වසරක් තුළදී 10.25% ක පහත වැටීමකි.
2023 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන ප්රමාණත්ව අනුපාතය සහ සමස්ත ප්‍රාග්ධන ප්රමාණත්ව අනුපාතය පිළිවෙලින් 11.442% ක් සහ 15.151% ක් වී තිබෙන අතර මෙම අනුපාත දෙකම ව්‍යවස්ථාපිත අවම අනුපාතයන් වන 10% සහ 14% ප්රමාණයන්ට වඩා ඉහළින් ඇත. එසේම, සලකා බලන මූල්‍ය වසර තුළදී බැංකුවේ පොලී අන්තරය 3.32% කට අඩු වී තිබෙන අතර එය 2022 වසරේදී 3.74% ක් විය. කෙසේ වෙතත් වසරේ දෙවන භාගයේදී පොලී අන්තරය වර්ධනය වීමට පටන්ගෙන තිබේ. මෙම වසර තුළදී බැංකුවේ වත්කම් සඳහා ප්රතිලාභ (බදු වලට පෙර) අනුපාතය 1.27% ක් වී තිබෙන අතර කොටසකට අදාළ ලාභය 9.78% ක් වී ඇත.
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 950කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.