කොමර්ෂල් බැංකුව 2022 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මාන දෙකක් දිනාගනී

FinanceAsia awards 2022

 



 

 

 

ගනුදෙනුකරුවන්ට සහ රජයේ යෝජනා ක‍්‍රමයන්ට සහයෝගය දැක්වීමේදී කැපවීම පෙන්නුම් කළ සහ පවතින ආර්ථික තත්ත්වයට ඔරොත්තුදීමේ හැකියාව පෙන්නුම් කළ ආයතන සම්මානයට පාත‍්‍ර කරමින් පැවැත්වූ 2022 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ යන සම්මානය නැවත වතාවක් දිනාගත් අතර ‘ශ‍්‍රී ලංකාවේ හොඳම තිරසාර බැංකුව’ යන සම්මානයද හිමිකර ගන්නා ලදී.

ආසියාවේ මූල්‍ය සේවා කර්මාන්තය සහ ප‍්‍රාග්ධන වෙළෙඳපොළවල් පිළිබඳව පසුගිය වසර 25 ක කාලය පුරා අවංක විශ්ලේෂණයක් සිදුකරමින් කීර්තියක් දිනා තිබෙන ෆයිනෑන්ස් ඒෂියා ප‍්‍රකාශනය වෙතින් කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ යන සම්මානය දිනාගත් 11 වන වසර මෙය වේ.

ෆයිනෑන්ස් ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ලබාගත් ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: ‘මෙම සම්මාන මගින් ලාභ වලින් ඔබ්බට ගොස් බැංකුවේ අනිකුත් කාර්ය සාධන දර්ශක ලබාගෙන තිබෙන විශිෂ්ටත්වය පෙන්නුම් කරනවා. බැංකු බොහෝවිට මූල්‍ය දත්ත තක්සේරු කිරීමට කටයුතු කළත් තිරසාරත්වය වැනි අවසානයේ කොටස්කරුවන්ට වැඩි වටිනාකමක් එකතු කරන තවත් බොහෝ මිණුම් ක‍්‍රම තිබෙනවා.’

කොමර්ෂල් බැංකුව 2021 වසරේදී වැඩිම සමස්ත මෙහෙයුම් ආදායම, තැන්පතුවල වැඩිම වෙළෙදපොළ කොටස, වැඩිම සමස්ත වත්කම් පදනම, වැඩිම අත්තිකාරම් පදනම, වැඩිම බදු වලට පෙර සහ පසු ලාභය, වැඩිම ශුද්ධ පොලී ආදායම හිමි මෙරට පුද්ගලික වාණිජ බැංකුව විය. මීට අමතරව, කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට වැඩිම ණය ලබාදෙන බැංකුව ද වේ.

එසේම, තිරසාරත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් අනුගමනය කරන තෙවදෑරුම් ප‍්‍රවේශය හේතුවෙන් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම තිරසාර බැංකුව’ ලෙසද කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත. වගකීම් සහගත මූල්‍යනය, මූල්‍ය සමානාත්මතාවය, තිරසාර සේවා ලබාදීම ඇතුළත් වන තිරසාර බැංකුකරණය, හරිත සහ සුරක්ෂිත සේවා ස්ථානයක් පවත්වාගෙන යාම, තිරසාර සැපයුම් දාමයක් ප‍්‍රවර්ධනය කිරීම තුළින් වගකීම් සහගත ආයතනයක් බවට පත්වීම මෙන්ම සමාජ සහ පාරිසරික මැදිහත්වීමක් සහිත ප‍්‍රජා වැඩසටහන් සිදුකිරීම මෙම තෙවදෑරුම් ප‍්‍රවේශයට ඇතුළත් වේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව