කොමර්ෂල් බැංකුව 2022 පළමු කාර්තුව ‘අනගි’ කාන්තා වැඩසටහන් සඳහා කැප කරයි

Anagi Logo

 



 

 

 

සමස්ත ලෝකයම ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් 2022 පළමු කාර්තුව කාන්තාවන් සවිබල ගැන්වීමට නිර්මාණය කර ඇති බැංකුවේ ‘අනගි’ සන්නාමය වෙත කැප කරමින් ශාඛා කිහිපයක කාන්තාවන් ඉලක්ක කරගත් වැඩසටහන් මාලාවක් මාර්තු මාසයේදී සිදුකරන ලදී.

මූල්‍ය කළමනාකරණය සහ පොත් තැබීම පිළිබඳව කාන්තා ව්‍යවසායිකාවන් දැනුවත් කිරීම, කුසලතා සංවර්ධනය, සාර්ථක වෘත්තීය කාන්තාවන් සහ ව්‍යවසායිකාවන් ඇගයීම සඳහා වැඩසටහන් සංවිධානය කිරීම, ප‍්‍රදර්ශන සහ වෙළෙඳ ප‍්‍රදර්ශන සහ අනගි ණය සහ ඉතිරි කිරීම් ගිණුම් ප‍්‍රවර්ධනය කිරීම මෙම කාලය තුල සංවිධානය කල වැඩසටහන් අතර විය.

මේ අතර, වගා කටයුතු සහ සත්ත්ව පාලන කටයුතු වලට සම්බන්ධ වී සිටින ‘සිතමු’ කාන්තා කෘෂි කාර්මික සංගමයේ සාමාජිකාවන් සඳහා බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව විසින් හෙට්ටිපොළදී මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක්ද පැවැත්වීය.

එසේම, බැංකුව විසින් සිදුකළ උපහාර වැඩසටහන් තුලින් වෛද්‍යවරියන්, නියෝජ්‍ය දිස්ති‍්‍රක් ලේකම්වරියන්, ගණකාධිකාරීවරියන්, හෙදියන්, විදුහල්පතිනියන්, ජ්‍යෙෂ්ඨ ගුරුවරියන්, මාධ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ කාන්තාවන්, නීතිඥවරියන්, කාන්තා සංගම් නායිකාවන්, රූපලාවන්‍ය ශිල්පිනියන්, පොලිස් නිළධාරිනියන්, කලාකාරිනියන්, ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායිකාවන්, කෘෂිකර්මයේ, සෞඛ්‍ය අංශයේ සහ ඇඟලූම් ක්ෂේත‍්‍රයේ සිටින කාන්තාවන්ට උපහාර පුද කරන ලදී.

කාන්තාවන් වෙනුවෙන්ම කොමර්ෂල් බැංකුව විසින් නිර්මාණය කර තිබෙන ‘අනගි’ බැංකු ගිණුම් විවෘත කිරීමට පහසුකම් සැපයීම සඳහා විශේෂයෙන්ම ඇඟලූම් කර්මාන්ත ඇතුළු බොහෝ ප‍්‍රදේශවල බැංකුව විසින් ජංගම බැංකු රථ යොදවන ලදි.

මෙම වැඩසටහන් සඳහා බැංකුවේ මඩකළපුව, බියගම, කොළඹ උතුර, දඹුල්ල, ගලේවෙල, කිලිනොච්චිය, කොඩිකාමම්, මනිපායි, මාතර, නාවලපිටිය, නෙළුව, රත්නපුර සහ වව්නියාව ශාඛා සහභාගි වූ බව බැංකුව සඳහන් කරයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව