කොමර්ෂල් බැංකුව 12 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස FinanceAsia විසින් කිරුළු පළඳවයි

Commercial-Bank




 

ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රය ලෙස සැලකෙන FinanceAsia විසින් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව සම්මානයට පාත්‍ර වී ඇත.

ජුනි 28 වන දින හොංකොං හි Ritz Carlton හි පැවති 27 වන FinanceAsia සම්මාන උළෙලේදී මෙම ගෞරවනීය සම්මානය කොමර්ෂල් බැංකුව වෙත පිරිනමන ලදී. කොමර්ෂල් බැංකුව මෙම සම්මානවලින් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලංකේය බැංකුව වන අතර හොඳම බැංකුවට හිමි සම්මානය 12 වතාවක් දිනා ගැනීමට සමත් වී ඇත.

මෙම වසරේ FinanceAsia සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව සමඟින් ඔවුන්ගේ රටවල්වල හොඳම බැංකු ලෙස ශ්‍රේණිගත කරන ලද අනෙකුත් FinanceAsia සම්මානලාභීන් වූයේ CICC (චීනය), HSBC (හොංකොං සහ දකුණු කොරියාව), CTBC (තායිවානය), සහ Allied Bank (පකිස්ථානය) යන බැංකුය.

මෙම සම්මානය දිනාගැනීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “ඇත්ත වශයෙන්ම, හොඳම බැංකු සම්මානය සඳහා මූලික වන්නේ ක්ෂේත්‍රය පෙරමුණු කරගත් මූල්‍ය කාර්ය සාධනය වන නමුත්, මෙම සම්මානය විශේෂයෙන් වැදගත් වන්නේ එහි තක්සේරු කිරීම් සඳහා, සංඛ්‍යා වලින් ඔබ්බට ගොස්, උපාය මාර්ග, පාරිභෝගික සේවය, ව්‍යාපාර සංවර්ධනය, ESG අනුකූලතාව හා පාරිභෝගික කේන්ද්‍රීයත්වය වැනි සාධක සළකා බැලීම නිසාවෙනි. එබැවින් මෙම ජයග්‍රාහකයින්, මූල්‍ය කාර්ය සාධනය වෙනුවෙන් ගුණාත්මක භාවය පහත් නොකළ ආයතනයි.”

FinanceAsia හොඳම දේශීය බැංකු සම්මාන ඇගයුම් සඳහා 2022 වර්ෂයේ බැංකුවල කාර්ය සාධනය ආවරණය කරන ලද අතර, සඟරාව පවසන පරිදි එය සැපයුම් දාමයේ ගැටළු, බලශක්ති ඇණහිටීම්, භූ දේශපාලනික ආතතීන්, පොලී අනුපාත ඉහළ නැංවීම් සහ අවිනිශිචිතතාවයේ බලපෑමට ලක්ව තිබූ කාල පරිච්ඡේදයකි.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව