කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ‘හොඳම ආයතනික බැංකුව’ සහ ‘හොඳම පුද්ගල බැංකුව’ලෙස පිදුම් ලබයි

Commercial-Bank

 



 

 

 

සමාගම්වල විශිෂ්ටත්වය අගයමින් සම්මාන ප‍්‍රදානය කරන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පදනම් කරගත් ග්ලෝබල් බිස්නස් රිවීව් සඟරාව විසින් මෑතකදී පැවැත්වූ වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පුද්ගල බැංකුව’ සහ ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව’යන සම්මාන යුගලය දිනාගන්නා ලදී.

ස්වාධීන සමීක්ෂණ කණ්ඩායමක් විසින් කොමර්ෂල් බැංකුවේ 2021 වසරේ කාර්යසාධනය ඇගයීමෙන් පසුව මෙම සම්මාන ප‍්‍රදානය කරන ලදී. ඇගයීම සිදුකළ වසරේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පුද්ගලික වාණිජ බැංකුව වූ අතර මෙරට පුද්ගලික වාණිජ බැංකු අතරින් කාර්යසාධන දර්ශක ගණනාවක් ඉතාමත් ඉහළින් පවත්වාගෙන යමින් මෙම තරඟයේ ඉදිරියන් සිටීමට සමත්වී තිබේ.

මෙම ඉහළ කාර්යසාධන දර්ශක අතරට වැඩිම වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය, වැඩිම දළ ආදායම, බදු වලට පෙර සහ පසුව වැඩිම ලාභය, සමස්ත වත්කම්වල වැඩිම අගය, දළ ණයවල වැඩිම වටිනාකම, ණයවල වැඩිම වෙළෙඳපොළ කොටස, සමස්ත කොටස්හිමියන්ගේ අරමුදල්වල වැඩිම කොටස, වැඩිම මෙහෙයුම් ආදායම, වැඩිම සමස්ත තැන්පතු, තැන්පතුවල වැඩිම වෙළෙඳපොළ කොටස, වැඩිම ජංගම ගිණුම්, ඉතුරුකිරීමේ ගිණුම් (CASA) අනුපාතය ඇතුළත් වේ.

ග්ලෝබල් බිස්නස් රිවීව් සඟරාව විසින් පවත්වන සම්මාන ප‍්‍රදානය මගින් බැංකුකරණ, මූල්‍ය, රක්ෂණ, දේපොළ, නායකත්වය සහ තාක්ෂණය යන අංශවල සමාගම් හි විශිෂ්ඨ කාර්යසාධනයන් ගෞරවයට පාත‍්‍ර කරයි. ග්ලෝබල් බිස්නස් රිවීව් අන්තර්ජාල මුද්‍රිත සඟරාවක් වන අතර එමගින් ලෝකය පුරා කර්මාන්ත වලට අදාළ ප‍්‍රවෘත්ති, විශේෂාංග, විශ්ලේෂණ, විචාර සහ සම්මුඛ සාකච්ඡුා පළකරයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව