කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR වැඩසටහන දකුණේ ප‍්‍රචලිත කරයි

LANKAQR promo - Galle (2)

LANKAQR මගින් මුදල් නොවන ඩිජිටල් පියවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කර තිබෙන වැඩසටහනට සහයෝගය දැක්වීම සඳහා කොමර්ෂල් බැංකුව පෙබරවාරි 20 වනදා සහ 21 වනදා ,රටපුරාම LANKAQR, වැඩසටහන ගාල්ලේදී පවත්වන ලදී. මෙම වැඩසටහනට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ඞී. කුමාරතුංග මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට සහයෝගය ලබාදීම සඳහා LANKAQR පද්ධතියට ඇතුළු වූ පළමු QR කේත පදනම් කරගත් ඇප් පහසුකම වන කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ඇප් පහසුකම ඔස්සේ ගාලූ කොටුව තුල අලෙවිසැල් වලින් මිලදීගැනීම් කිරීමේදී දෛනික සීමාවකට යටත්ව මුදල් මාර්තු 05 වනදා දක්වා 20% ක් ආපසු පිරිනැමෙනු ඇත. මීට අමතරව, LANKAQR ජනප‍්‍රිය කරවීම සඳහා කොමර්ෂල් බැංකුවේ අලෙවි කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් ගාලූ කොටුවේ වෙළෙඳසැල් වෙත ගොස් වෙළෙඳ මහත්ම මහත්මීන් ලියාපදිංචි කිරීමක්ද කළේය.

 




 

ComBank Q+ මගින් සිල්ලර පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් යන දෙපාර්ශවයටම විකල්ප ඉදිරිපත් කර තිබේ. බැංකුව විසින් මෑතකදී එළිදැක්වූ සියළුම පොයින්ට් ඔෆ් සේල් (POS) යන්ත‍්‍රවල LANKAQR උපාංගය ඇතුළත් කර තිබේ. බැංකුව විසින් ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුමද හඳුන්වාදී තිබෙන අතර එමගින් කොතනක සිටියත් පාරිභෝගිකයින්ට සරල මෙන්ම ගැටලූ වලින් තොර බැංකුකරණ අත්දැකීමක් ලබාදෙන අතර මීට පෙර මෙරට පාරිභෝගිකයින් අත් නොවිඳි නවතම පුද්ගලික මූල්‍ය කළමනාකරණ උපාංග වලින් මෙම බැංකු ගිණුම සමන්විත වේ. තමන්ගේ මුදල් බුද්ධිමත් ලෙස වියදම් කිරීමටත් ඉතිරි කිරීමටත් මග පෙන්වීම මෙම ගිණුම තුළින් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. මෙම ඩිජිටල් ගිණුමද LANKAQR යටතේ ගනුදෙනු සැකසීමට සහතිකකරණය කර ඇත.

සේයාරුවෙන් දැක්වෙන්නේ වැඩසටහනේ කොමර්ෂල් බැංකු කුටියේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිළධාරීන් සහ ගනුදෙනුකරුවන් සිටින අවස්ථාවකි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව