කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය සහ මෙරට සමස්ත දෙවැනි ශක්තිමත් වෙළෙඳ නාමය ලෙස ශ්‍රේණිගත වෙයි

Brand Finance 2023 (1) (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබලතම බැංකු සන්නාමය ලෙස අඛණ්ඩව සිව්වන වසරටත් ශ්‍රේණිගත කර ඇති අතර, ලොව ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු උපදේශක ආයතනය වන ‘බ‍්‍ර‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්’ විසින් සමස්තයක් ලෙස මෙරට දෙවැනි ශක්තිමත් සන්නාමය ලෙසටද ශ්‍රේණිගත කර ඇත.

ශ‍්‍රී ලංකාවේ වටිනාම සහ ශක්තිමත්ම සන්නාම 100 පිළිබඳ නිකුත් කර ඇති 2023 ‘බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්’ වාර්තාවෙහි, කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 43.553ක සන්නාම වටිනාකමක් සමඟ රටේ වටිනාම පුද්ගලික අංශයේ බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇති අතර, කොමර්ෂල් බැංකු සන්නාමය සියලූ අංශවල තුන්වන වටිනාම සන්නාමය ලෙස ද නම් කර ඇත.

සන්නාම ශක්තිය ආශ‍්‍රිතව ‘බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්’ විසින් කොමර්ෂල් බැංකුව වෙත ‘සන්නාම ශක්ති දර්ශකය’ (Brand Strength Index) අනුව ලකුණු 87.8ක් ලබා දී ඇති අතර, එය පෙර වසරට වඩා ලකුණු 1.1කින් ඉහළ ගොස් ඇත. එසේම සන්නාමයට AAA ශ්‍රේණියක් පවරා ඇති අතර කොමර්ෂල් බැංකුවට පසුගිය වසර සඳහා එම ශ්‍රේණියම ලබාදීම කැපී පෙනේ. මෙයින් අනාගතයේදී සන්නාමයකට උත්පාදනය කළ හැකි සන්නාම ශක්තියේ විභව අගයද පිළිබිඹු කරයි.

‘බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්’හි මෙම සන්නාම ශ්‍රේණිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින්, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. ‘ගතික ආයතනික සන්නාමයක් ලෙස, කොමර්ෂල් බැංකුව සියවසක් පුරා ගොඩනැගුනු උරුමය, විශ්වාසය, මූල්‍ය ශක්තිය සහ විශ්වාසනීයත්වය නියෝජනය කළ අතර, ඊට අමතරව එම සන්නාමය මෑත වසරවල ඉහළ කාර්යසාධනය, සමාජයීය වගකීම්, නව්‍යකරණය සහ විශිෂ්ට පාරිභෝගික සේවාව පිළිබිඹු කළේය. කොමර්ෂල් බැංකුවේ සෑම සේවයකයකුම සන්නාමය නියෝජනය කරන වටිනාකම් සජීවී කිරීමට කැපවී සිටින අතර, නවතම ‘බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්’ ශ්‍රේණිගත කිරීම සමස්ත කොමර්ෂල් බැංකු කණ්ඩායමටම උපහාරයක් වනවා.’

කොමර්ෂල් බැංකුව ගැන ‘බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්’ සඳහන් කළේ මෙසේය: ‘කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස සුවිශේෂී කාර්ය සාධනය අඛණ්ඩව පෙන්නුම් කරන අතර, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ශ‍්‍රී ලාංකේය බැංකුවක් ලෙස ශක්තිමත් උරුමයක් ගොඩනගාගෙන ඇත. එසේම ‘ෆ්ලෑෂ් ඩිජිටල් ගිණුම’ තුළින් කොමර්ෂල් බැංකුව සාම්ප‍්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට ගොස් පැළඳිය හැකි බැංකුකරණය ශ‍්‍රී ලංකාවේ දියත් කළ පළමු බැංකුවක් විය. බැංකුවේ වර්තමාන ප‍්‍රයත්න සන්නාමය පදනම් කරන බව පැහැදිලිය’.

2023 ශ්‍රේණිගත කිරීමෙහි සන්නාම 100හි සමස්ත වටිනාකම පෙර වසරට සාපේක්‍ෂව 16%කින් පහත වැටී ඇති බවත්, එයට හේතුව ශ‍්‍රී ලංකාව විසින් 2022 දී විඳදරාගත් ගැඹුරු අභියෝගයන් බව ‘බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්’ අනාවරණය කළේය. ඒ අතරම රටේ වටිනාම අංශය ලෙස අඛණ්ඩව පවතින ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රය සමස්ත සන්නාම වටිනාකමින් 47%ක කොටසක් හිමිකරගෙන ඇත. කෙසේ වෙතත් එම අංශයේ මුළු වටිනාකම 9%ක පහත වැටීමක් වාර්තා කළේය.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 957 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව