කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම යොවුන් ඩිජිටල් බැංකු ගිණුම දියත් කරයි

Flash Teens launch (LBN)

 



 

 

දරුවන් තුළ මූල්‍ය ස්වාධීනත්වය හා වගකීම් සහගත මූල්‍ය කළමනාකරණය පිළිබඳ කුසලතා පෝෂණය කිරීමට දෙමාපියන් දිරිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සිය සම්මානලාභී ‘Flash’ ඩිජිටල් බැංකු ගිණුම් යෙදුමේ දිගුවක් ලෙස, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම යෞවන ඩිජිටල් බැංකු ගිණුම වන ‘Flash FAM’ දියත් කර ඇත.

මෙරට ප‍්‍රථම යොවුන් ඩිජිටල් බැංකු ගිණුම වන මෙම උත්තේජජනක නව විශේෂාංගය වයස අවුරුදු 10 සිට 17 දක්වා දරුවන්ට ඔවුන්ගේ දෛනික ගනුදෙනු සහ ඉතුරුම් සඳහා භාවිතා කිරීමට හැකිවේ. මේ සඳහා දැනටමත් Flash ගිණුමක් හිමි දෙමව්පියන් හට ඔවුන්ගේ Flash ප‍්‍රධාන ගිණුම තුළින්ම තම දරුවා ලියාපදිංචි කර ඔහු හෝ ඇය සඳහා වෙනම ම පිවිසුමක් සාදා ගත හැක.

‘Flash FAM’ ගිණුම මගින් දරුවන් හට තම ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම, හදිසි අවශ්‍යතා සඳහා තම දෙමාපියන්ගෙන් හෝ භාරකරුවෙකුගෙන් මුදල් ඉල්ලා සිටීම, මුදල් හුවමාරු කිරීම හා LankaQR ගෙවීම් ඇතුළු බැංකු ගනුදෙනු රාශියක් සිදු කළ හැකිය. ‘Flash FAM’ යොවුන් ඩිජිටල් ගිණුම සමඟ මාර්ගගත මිලදී ගැනීම් සහ ATM යන්ත‍්‍රවලින් මුදල් ආපසු ගැනීම සඳහා භාවිතා කළ හැකි ඩෙබිට් කාඞ්පතක් ද හිමි වේ.

ඔවුන්ගේ ම යෙදවුමක් සහ කාඞ්පතක් සමඟ දරුවන්ගේ ඩිජිටල් මූල්‍ය ගමන ආරම්භ කිරීම සඳහා නිර්මාණය කර ඇත. ‘Flash FAM’ යොවුන් ගණුදෙනුකරුවන්ට මූල්‍ය නිදහස ලබා දෙන අතර මුදල් ඉපැයීම, මුදල් ඉතිරි කිරීම සහ වගකීම් සහගතව මුදල් වියදම් කිරීම වැනි කුසලතා වර්ධනය කර ගැනීමට ද අවස්ථාව ලබා දෙන බව බැංකුව පවසයි. බැංකුව විසින් ක්‍රියාත්මක කර ඇති පරිදි ‘Flash FAM’ පරිශීලකයින්ගේ 18 වැනි උපන්දිනයෙන් පසු මෙම ගිණුම් ස්වයංකී‍්‍රයව ඔවුන්ගේ ම ‘ComBank Flash’ ගිණුම් බවට පරිවර්තනය වේ.

මෙම යෙදුම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ඩිජිටල් බැංකුකරණය ප‍්‍රදීප් බන්දුවංශ මහතා මෙසේ පැවසීය: ”මූල්‍ය සේවා සඳහා තරුණ අවධියේ සිටම ඩිජිටල් ප‍්‍රවේශය පිළිබඳ හුරුපුරුදුකම ඇති කිරීම සහ මූල්‍ය වගකීම් ඇති කිරීම තවදුරටත් වැදගත් වෙමින් පවතී. ‘Flash FAM’ දියත් කිරීම මෙම අවශ්‍යතාවයට එක් ප‍්‍රතිචාරයක් වන අතරතුර දෙමව්පියන්ගේ මගපෙන්වීම යටතේ පරිශීලක-හිතකාමී ඩිජිටල් වේදිකාවක් හරහා දරුවන්ට අනාගතය පිළිබඳ හැඟීමක් ලබා දේ. එමෙන්ම මෙමගින් ඔවුන්ට මෙරට පුද්ගලික අංශයේ විශාලතම බැංකුව සමඟ ඔවුන්ගේ මූල්‍ය ගමන ආරම්භ කිරීමට ද හැකියාව ලැබේ”.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 952 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව