කොමර්ෂල් බැංකුව ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස 21 වන වතාවටත් ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය ලබා ගනී

Global Finance Best Bank in Sri Lanka 2023 - Post Event (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් ලෝකයේ හොඳම බැංකු සඳහා පැවැත්වූ 30 වැනි වාර්ෂික සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ සඳහා වන සම්මානය ලබා ගත්තේය. බැංකුව විසින් මෙම සම්මානය දිනාගත් 21වැනි අවස්ථාව මෙය වෙයි. සම්මානලාභී බැංකු දුෂ්කර වෙළෙඳපොළ තත්වයන් තුළ තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, ඒ සඳහා ප්‍රවේශමෙන් සහ අනාගත සාර්ථකත්වය සඳහා අඩිතාලම දමමින් ශක්තිමත් ප්‍රතිඵල ලබාගත් බැංකු බව ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව අවධාරණය කර ඇත.

හොඳම බැංකු තෝරා ගැනීමේදී එම බැංකුවල දත්ත මත පදනම් වූ සහ විෂයානුබද්ධ නිර්ණායකයන් ඇගයීමට ලක්කර තිබේ. දත්ත මත පදනම් වූ නිර්ණායක ලෙස වත්කම්වල වර්ධනය, ලාභදායිත්වය, භූගෝලීය ප්‍රවේශය, උපාය මාර්ගික සබඳතා, නව ව්‍යාපාර සංවර්ධනය සහ නිෂ්පාදනවල නවෝත්පාදනය සැලකිල්ලට ගෙන ඇති අතර විෂයානුබද්ධ නිර්ණායකවලට කොටස් විශ්ලේෂකයින්, ණය ශ්‍රේණිගත කිරීමේ විශ්ලේෂකයින්, බැංකු උපදේශකයින් සහ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් අයගේ අදහස් ඇතුළත් විය. මෙම සම්මානලාභීන් තෝරා ගනු ලබන්නේ ලොව පුරා සිටින කර්මාන්තයේ විශ්ලේෂකයින්, ආයතනික විධායකවරුන්, බැංකුකරුවන් සහ බැංකු උපදේශකයින්ගේ මත සැලකිල්ලට ගනිමිනි.

සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගන්නා අයුරුයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව