කොමර්ෂල් බැංකුව වෙළඳසේවා හොකී ශූරතාව හිමිකරගනී

Hockey champs 2023 (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව පසුගියදා පැවති වෙළඳසේවා A අංශයේ පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ ශූරතාව හිමිකරගනිමින් අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකුවේ පිල ගෝල 3 ට 1 කින් පරාජය කළේය. කොමර්ෂල් බැංකුවේ කී‍්‍රඩකයින් තිදෙනකු සහභාගි වූ තරග තුනේදීම ගෝල ත‍්‍රිත්වයක් බැගින් ලබා ගැනීම තරගාවලියේ කැපී පෙනෙන අංගයක් විය. අවසන් මහා තරගයේදී කොමර්ෂල් බැංකුවේ අංජු හේවගේ බැංකුව වෙනුවෙන් ගෝල තුනක් වාර්තා කළ අතර, අර්ධ අවසන් පූර්ව තරගයේදී මිලාන් ආරියවංශ විසින් ගෝල 4 ක් වාර්තා කරමින් සම්පත් බැංකුව ගෝල 4 ට 1 ක් ලෙස පරාජයට පත් කළේය. අවසන් පූර්ව තරගයේදී MAS Holdings කණ්ඩායමට එරෙහිව කොමර්ෂල් බැංකුව ලබාගත් ගෝල 4 න් 3 ක්ම දෙව්ශාන් තිලංක වාර්තා කළේය. මෙහි දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ ශූරතාව දිනාගත් හොකී කණ්ඩායමයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව