කොමර්ෂල් බැංකුව වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩිජිටල් බැංකුකරණ ගනුදෙනු සඳහා පාරිතෝෂික ලකුණු

Max Loyalty Rewards for Digital Banking (LBN)

දේශීය බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ඩිජිටල් බැංකු ගනුදෙනු සඳහා පාරිතෝෂික ලකුණු ප්‍රදානය කරන පෙරළිකාර නවමු අත්දැකීමක් කොමර්ෂල් බැංකුව හදුන්වා දී ඇත.

‘ComBank Digital’ හරහා සිදු කරන උපයෝගිතා බිල්පත් ගෙවීමක් වැනි සරල කාර්යයකට පවා, දැන් බැංකුවේ ‘Max Rewards’ වැඩසටහන යටතේ පාරිතෝෂික ලකුණු ලබාගත හැකි බව බැංකුව නිවේදනය කරයි. මෙතෙක් මෙම වැඩසටහන තුළින් ලකුණු ලබාගත හැකි වූයේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් සඳහා පමණි.




විවිධ මාධ්‍ය හරහා ප්‍රවේශ විය හැකි තනි ඩිජිටල් බැංකුකරණ වේදිකාවක් වන ComBank Digital හි දැනට ලියාපදිංචි වී සිටින හා නව පරිශීලකයින් සියලු දෙනා ඇතුළත් කර ගනිමින්, Max Rewards වැඩසටහන මගින් එක් ගනුදෙනුවක් සඳහා ලකුණු 300ක් දක්වා ප්‍රදානය කරයි. මෙසේ රැස්කර ගන්නා ලකුණු මිලදී ගැනීම් හෝ වෙනත් ප්‍රතිලාභ සඳහා මුදල් බවට පරිවර්තනය කර භාවිතා කළ හැකියි.

“ComBank Digital පරිශිලකයින් සඳහා වන Max Rewards වැඩසටහන නිර්මාණය කර ඇත්තේ අපගේ ගනුදෙනුකරුවන්ගේ ඉහළම අවශ්‍යතා හදවතෙහි තබා ගනිමිනි,”යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ඩිජිටල් බැංකුකරණය ප්‍රදීප් බන්දුවංශ මහතා අදහස් දැක්වීය. “මෙම වැඩසටහන හඳුන්වා දීමෙන් අපි බලාපෙරොත්තු වන්නේ,  දැනටමත් ComBank Digital භාවිතා කරන මිලියනයකට අධික කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන්හට ඩිජිටල් බැංකුකරණයේ අත්දැකීම, ප්‍රතිලාභ ලබා දෙන සුළු හා විනෝදජනක අත්දැකීමක් බවට පත් කිරීමත්, තවත් බොහෝ පිරිසකට එහි ලියාපදිංචි වීමට තවත් එක් බලවත් හේතුවක් ලබා දීමටත් ය.”

ComBank Digital කොමර්ෂල් බැංකුවේ සියළුම අන්තර්ජාල සහ ජංගම බැංකු සේවා ඒකාබද්ධ කරන තනි වේදිකාවකි. එය ප්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් සහ ජංගම යෙදුම් තුනක් (iOS, Android සහ Huawei) හරහා සේවා පිරිනමන අතර ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක, ටැබ් සහ ස්මාර්ට්ෆෝන් වැනි සියළුම උපාංග හරහා ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව