කොමර්ෂල් බැංකුව වෙතින් නව ‘අරුණළු’ සහ ‘ඉසුරු’ ගිණුම් සඳහා මුදල් ඉතිරිකිරීමට කැටයක්

Arunalu & Isuru promo 2023 (LBN)

 



 

 

අවුරුදු සමයේ ලැබෙන තෑගි මුදල් කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ළමා ඉතුරුම් යෝජනා ක‍්‍රම ඔස්සේ ඉතිරි කර ගැනීමට දරුවන් දිරිමත් කිරීමේ ප‍්‍රවර්ධන වැඩසටහනක් බැංකුව විසින් දියත් කර ඇත.

2023 අපේ‍්‍රල් සහ මැයි මාස වලදී කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා ඉතිරිකිරීමේ ගිණුමක් හෝ ‘ඉසුරු’ ළමා ඉතුරු කිරීමේ සැලසුමක් විවෘත කරන සියළුම ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛා වෙත නොපැමිණ පහසුවෙන් ඉතිරිකිරීමට දිරිගැන්වීම සඳහා පරිසර හිතකාමී කැටයක් පිරිනමන බව බැංකුව නිවේදනය කර ඇත.

අපේ‍්‍රල් 01 වනදා සිට මැයි 31 වනදා දක්වා රුපියල් 1000 ක හෝ එයට වඩා වැඩි මූලික තැන්පතුවක් සමඟ මෙම ඉතිරිකිරීමේ ගිණුම් දෙකෙන් එකක් විවෘත කරන දරුවන් සහ දෙමාපියන් හට ලෝහයකින් තැනූ කාසි එකතු කරන කැටයක් හිමිකර ගත හැකි බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුවේ ප‍්‍රමුඛතම ළමා ඉතුරුකිරීමේ ගිණුම වන ‘අරුණළු’ ළමා ඉතිරි කිරීමේ ගිණුම සඳහා ඉහළම පොලී අනුපාතයක් බැංකුව විසින් ලබාදෙන අතර රුපියල් 100 ක අවම මුදලක් තැන්පත් කිරීම මගින්  ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවකින් මෙම ගිණුමක් විවෘත කළ හැකිය.

‘ඉසුරු’ ළමා ඉතුරු කිරීමේ සැලසුම යටතේ මාසික ගෙවීමක් හෝ එක් වරකදී සිදුකරන ඉතුරු කිරීමක් කළ හැකි අතර දරුවාට අවුරුදු 18 සම්පූර්ණ වනවිට රුපියල් මිලියන 12 ක් දක්වා මුදලක් මේ තුළින් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 270 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 950 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව