කොමර්ෂල් බැංකුව වෙතින් නෙළුව ප‍්‍රදේශයේ ක්‍ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක්

Dirishakthi programme - Neluwa - Composite (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව විසින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ, නෙළුව ප‍්‍රදේශයේ සිටින ක්‍ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරයන් වර්ධනයට අත්‍යවශ්‍ය වන දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී.

බැංකුවේ ‘දිරිශක්ති තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන’ යටතේ නෙළුව ප‍්‍රාදේශීය ලේකනෙළුව ප‍්‍රාදේශීය ලේකම්ම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පැවැත්විණි. මූල්‍ය විනය, ආයෝජන ක‍්‍රම, මූල්‍ය වංචා, ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (ක‍්‍රිබ්) ක‍්‍රියාවලිය සහ ව්‍යවසායකයින් සංවර්ධනය සඳහා බැංකුවේ ණය නිෂ්පාදන යන විෂයයන්ට අදාළව මෙහිදී අවධානය යොමු කරන ලදී.

මෙම වැඩසටහනෙහි ප‍්‍රධාන දේශනය, අන්දරදෙණිය සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ශ‍්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මෙන්ම, මාතර දිස්ත‍්‍රික්කයේ තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සභාපති වන ආචාර්ය ජිනදාස වැටින්ගේ මහතා විසින් පවත්වන ලදී. ඒ අතරම ප‍්‍රදේශයේ ප‍්‍රමුඛ පුද්ගලයන් කිහිපදෙනෙකු වන, නෙළුව ප‍්‍රාදේශීය ලේකම් ශාන්ත ප‍්‍රියදර්ශන, ගාල්ල කුඩා ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂ නන්දලාල් ජයසේකර, නෙළුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති අශෝක බස්නායක යන මහත්වරුන් ප‍්‍රධාන කොමර්ෂල් බැංකුවේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී වූහ. බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර මාලික ද සිල්වා, නෙළුව කොමර්ෂල් බැංකු ශාඛාවේ කළමනාකරු සුරංග ගමගේ, කෘෂිකර්ම හා ක්‍ෂුද්‍ර මූල්‍ය සම්බන්ධීකාරක කේ. පී. එන්. චමිත් කුමාර යන මහත්වරුන්ද මෙම විශේෂ වැඩසටහන සඳහා මූලිකත්වයක් ගෙන කටයුතු කළේය.

පාරිසරික තිරසාරත්වය ප‍්‍රවර්ධනය කිරීමට අදාලව වැඩසටහනේ කොටසක් ලෙස ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ පළතුරු පැල සිටුවීමට විශේෂ අමුත්තන්ට ආරාධනය කරන ලදී. ඒ අතරම කුඹුක්, මී, නා, හොර, කොස්, රටදොඹ, කහඳ සහ ඇටඹ වැනි වන ශාක පැළ 250ක්ද බෙදා දෙන ලදී.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 16 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව