කොමර්ෂල් බැංකුව වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) ඇගළුම් තාක්ෂණික ශිල්පී පාඨමාලාවට සහය දැක්වීමට පරිගණක පරිත්‍යාග කරයි

VTA donation (2)

 



 

 

 

වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) විසින් පවත්වාගෙන යනු ලබන ඇගළුම් නිර්මාණ තාක්ෂණික ශිල්පී (NVQ 4 වන මට්ටම) පාඨමාලා සඳහා සහය දැක්වීමට කොමර්ෂල් බැංකුව මෑතකදී නව පරිගණක, UPS ඒකක සහ ස්පීකර්ස් වැනි උපාංග පරිත්‍යාග කරන ලදී. මෙම පාඨමාලා දිස්ත‍්‍රික්ක 12 ක, මධ්‍යස්ථාන 15 ක පැවැත්වෙන අතර මේ වන විට ආධුනිකයන් 300 දෙනෙකු එම පාඨමාලා හදාරයි. මෙම පුළුල් පාඨමාලාව සඳහා සහභාගීවන්නන් හට වර්තමාන විලාසිතා ප‍්‍රවණතා අධ්‍යයනය කිරීමට සහ අනාගත ප‍්‍රවණතා පුරෝකථනය කිරීමට, නව මෝස්තර නිර්මාණය කිරීමට, ඇගළුම් සඳහා භාවිතයට ගන්නා රටා සහ රෙදි තෝරාගැනීමට සහ නිෂ්පාදනය අධීක්ෂණයට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබාදෙයි. සේයාරුවෙන් දැක්වෙන්නේ, කොමර්ෂල් බැංකුවේ සමූහ ප‍්‍රධාන අලෙවිකරණ නිළධාරී සහ බැංකුවේ සමාජ සත්කාරක භාරයේ භාරකරු හස්රත් මූණසිංහ මහතා (දකුණේ සිට තෙවැන්නා) එක් පරිගණකයක් අධිකාරියේ සභාපති එරංග බස්නායක මහතා (දකුණේ සිට දෙවැන්නා) හට ආයතන ද්විත්වයේ නිළධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පිරිනමන අයුරුයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + nineteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව