
කොමර්ෂල් බැංකුව වීසා සමඟ එක්වී ශ්‍රී ලංකාව තුළ ආයතනික වීසා සිග්නේචර් සහ වීසා ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇත.
විවිධ ආයතන හා අනෙකුත් ව්‍යාපාරික ඒකකවල සේවා නියුක්තිකයින් සඳහා මෙම ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනු ඇත. මෙම නව හඳුන්වා දීම මගින් ආයතන වලට තම සේවා නියුක්තිකයින්ගේ වියදම් කළමනාකරණය කිරීමට හැකියාව ලැබෙන අතර, මෙම කාඩ්පත සෑම ආයතනයක ම ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමකට සම්බන්ධ කරන බව බපවසයි.
ගෝලීය වශයෙන් වීසා කාඩ්පත් පිළිගැනීමට ලක්වන නිසාවෙන්, ආයතනවල සේවා නියුක්තිකයින් හට මෙම කාඩ්පත හරහා තම ආයතනය මගින් අවසර දී ඇති පරිදි සංචාර, විනෝදාස්වාදය හා වෙනත් වියදම් සඳහා ලෝකයේ ඕනෑම තැනක සිට ගෙවීම් සිදු කිරීමට භාවිතා කළ හැකියි.
වීසා සිග්නේචර් ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරන්නන් හට ජාත්‍යාන්තර ගුවන් තොටුපලවල් වල විවේකාගාර ප්‍රවේශයන් සහ වෙනත් සංචාර ආශ්‍රිත සහාය වැනි විශේෂ ප්‍රතිලාභ ලැබෙනු ඇත.
“අපගේ ගෙවීම් කාඩ්පත් ගොන්නට තවත් වැදගත් අංගයක් එක් කිරීම සඳහා වීසා සමඟ නැවත වරක් හවුල් වීමට ලැබීම ගැන අපි ඉමහත් සතුටට පත් වනවා.” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණය හස්රත් මුණසිංහ මහතා පැවසීය. “වීසා ගෝලීයව පිළිගැනීමට ලක්වන සන්නාමයක් වන අතර, එය විශේෂයෙන් ම ව්‍යාපාරික සංචාරකයින්ට වැදගත් වේ. එමෙන් ම ආයතනයක් නියෝජනය කිරීමේදී වීසා කාඩ්පතක් තිබීම අනිවාර්යය සාධකයක් බවට පත් කරමින් කාඩ්පත්හිමියන්ට ගෞරවාන්විත ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.”
වීසා සමාගමේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේවාසික කළමනාකාරිනී, අවන්ති කොළඹගේ මහත්මිය මෙසේ පැවසුවාය: “ගනුදෙනුකරුවන්ට ගැළපෙන පරිදි ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වා දීමට කොමර්ෂල් බැංකුව සමඟ හවුල් වීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. මෙම කාඩ්පත් විවිධ ප්‍රභේදයන්ගෙන් පවතින අතර, එමගින් උසස් තත්ත්වයේ වියදම් පාලන හැකියාව හා දෘශ්‍යතාව, ප්‍රශස්ත වූ කාරක ප්‍රාග්ධනය, වැඩි දියුණු වූ දත්ත ප්‍රවේශ හැකියාව සමඟින් හොඳ වියදම් නම්‍යතාවයක් ලබා දී සේවා නියුක්තිකයින් සවිබල ගන්වමින් ආයතන සඳහා ද වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දෙයි.”
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.