කොමර්ෂල් බැංකුව ‘වසරේ හරිත සන්නාමය’ ලෙසින් SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙහි රන් කිරුල දිනයි

Green Brand of the Year 2024 (LBN)

තිරසාරභාවය සඳහා කොමර්ෂල් බැංකුවේ කැපවීමට සුදුසු පිළිගැනීමක් ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලැබූ 2024 සන්නාම විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ ‘වසරේ හරිත සන්නාමය’ ලෙස බැංකුව රන් සම්මානට පාත්‍ර විය.

තිරසාරත්වයෙන් ඔබ්බට ගොස් රට පුරා සිටින ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීම සඳහා ජාතික වශයෙන් වැදගත් මුලපිරීම් සිදු කිරීමට සහ එම මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට බැංකුව සිදු කර ඇති සැලකිය යුතු ආයෝජන මෙම සම්මානය සඳහා හඳුනාගනු ලැබීය.
 



 

මෙහිදී 2023 වසරේ දී බැංකුව විසින් දියත් කරන ලද ‘තුරු පිරි රටක්’ වැඩසටහන යටතේ පාරිසරික වශයෙන් වැදගත් ස්ථානයන්හි ගස් 100,000ක් සිටුවීම මාස 12ක් ඇතුළත සම්පූර්ණ කිරීමත් සහ තවත් එවැනිම ගස් 100,000ක් සිටුවීම සඳහා බැංකුවේ ඇති කැපවීමත් මෙම මුලපිරිම් අතර ප්‍රමුඛ විය.

2021 වසරේදී පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව යන ජයග්‍රහණය ලබා ගත් කොමර්ෂල් බැංකුවේ තිරසාරත්ව ගමන් මග වසර 25 කට පෙර ආරම්භ වූ අතර පසුගිය වසර හතර තුළ එය ක්‍රමයෙන් වර්ධනය වී ඇත. එය බැංකුවට මෙන්ම රටට ද තිරසාරත්වයට සම්බන්ධ අවස්ථා කිහිපයක් ජනනය කර ඇත.

SLIM හි ‘වසරේ හරිත සන්නාමය’ සඳහා තක්සේරු කරන ලද වසරේදී කොමර්ෂල් බැංකුව සිය CO2 විමෝචනය තවත් ටොන් 233,918 කින් අඩු කරමින්, කඩදාසි භාවිතය 47.57% කින් අඩු කර කිලෝග්‍රෑම් 286,240 ක කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කර සූර්ය ශක්තියෙන් බලගැන්වෙන ශාඛා සංඛ්‍යාව 82 දක්වාත් වැඩි කරන ලදී.

මෙම වසරේ අනෙකුත් වැදගත් ජයග්‍රහණ අතර, ශ්‍රී ලංකාවේ පළමු හරිත නිවාස ණය යෝජනා ක්‍රමය දියත් කිරීම සහ කොම්බැන්ක් ඩිජිටල් යෙදුම සඳහා පරිශීලකයින් සංඛ්‍යාව මිලියනයක් පසු කරමින් තිරසාර බැංකු කටයුතු ප්‍රවර්ධනය කිරීම වන්නේය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව