කොමර්ෂල් බැංකුව යාපනයේ රෝහල් සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

Donations to Jaffna hospitals (1)

කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය විසින් මෑතකදී යාපනය ශික්ෂණ රෝහලට, තෙලිප්පලෙයි මූලික රෝහලට සහ කයිට්ස් රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. කොවිඞ්-19 වසංගතයට සහ අනිකුත් බොහෝ රෝගාබාධ සඳහා ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රමුඛ කාර්ය භාරයක් සිදුකරන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා සහයෝගය දැක්වීමට බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ මෙම පරිත්‍යාග සිදුකළ බව බැංකුව සඳහන් කරයි. මේ යටතේ බැංකුව විසින් යාපනය ශික්ෂණ රෝහලට නන්-ඉන්වේසිව් වෙන්ටිලේටර් දෙකක් පරිත්‍යාග කළ අතර තෙලිප්පලෙයි මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් සහ කෙරටෝ මීටරයක් පරිත්‍යාග කරන ලදී. මේ අතර, කොඇගුලේෂන් ඇනලයිසර් එකක්, බ්ලඞ් ගෑස් සහ ඉලෙක්ට්‍රොලයිට් ඇනලයිසර් එකක් සහ නන්-ඉන්වේසිව් බයි-ලෙවල් වෙන්ටිලේටර් එකක් කයිට්ස් මූලික රෝහලට බැංකුව විසින් පරිත්‍යාග කරන ලදි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව