කොමර්ෂල් බැංකුව මතුගම තේ වගාකරුවන් අත්‍යාවශ්‍ය දැනුමෙන් සවිබල ගන්වයි

Dirishakthi programme - Matugama (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරණු ලබන ‘දිරිශක්ති’ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස, රටපුරා පැවැත්වෙන දැනුම බෙදා ගැනීමේ බහුමාන සම්මන්ත‍්‍රණයක් සඳහා, මතුගම ප‍්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 100ක් පමණ පසුගියදා එක්විය.

මෙම වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකු කණ්ඩායම සමග මතුගම අරුණ තේ කම්හල, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය (TSHDA), තේ පර්යේෂණ ආයතනය (TRI) සහ මීගස්තැන්න මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ද එක්ව සිටියහ.

මෙම වැඩසටහන යටතේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායම විසින් බෝ වන සහ බෝ නොවන රෝග පිළිබඳ දේශන පැවැත්වීය. තේ පර්යේෂණ ආයතනයේ කණ්ඩායම විසින් අවම සම්පත් සහ නව තාක්‍ෂණයන් සමග අර්බුදකාරී අවස්ථාවක අස්වැන්න වැඩිදියුණු කරන ආකාරය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් පස සංරක්‍ෂණය සහ වඩා හොඳ රෝපණ ක‍්‍රම පිළිබඳ දේශන පැවැත්වීම සිදු කළේය. එසේම බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් විසින් කුඩා තේ වතු හිමියන්ගේ ඉතුරුම් පුරුදු වැඩිදියුණු කිරීම සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) කුඩා තේ වතු හිමියන්ගේ වගා සංවර්ධන ණය යෝජනා ක‍්‍රමය පිළිබඳ සැසියක් පැවැත්වීය.

මීට අමතරව, TRI සහ TSHDAහි නිලධාරීන් විසින් පාංශු පොහොර යෙදීම සහ යන්ත්‍රෝපකරණ භාවිතය පිළිබඳ පැය තුනක තාක්‍ෂණික හා නිපුණතා සංවර්ධන සැසියක් පවත්වන ලදී. පාංශු PH සහ EC පරීක්‍ෂා කිරීමේ ක‍්‍රම, පාංශු කාබන් සහ පෝෂක පරීක්‍ෂක ක‍්‍රම, පළිබෝධ හඳුනා ගැනීමේ ක‍්‍රම සහ මූල පිෂ්ඨය පරීක්‍ෂා කිරීමේ ක‍්‍රම වැනි ප‍්‍රදේශයට විශේෂිත වූ අදාල මාතෘකා මේ මගින් අනාවරණය විය.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 250 කට සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 950 කට අධික සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව