කොමර්ෂල් බැංකුව පරිත්‍යාග කළ 300 වන පරිගණක විද්‍යාගාරය මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසලට

300th IT Lab - Minuwangoda (LBN)

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ජාතික මට්ටමින් දියත් කර තිබෙන පරිගණක විද්‍යාගාර පරිත්‍යාග කිරීමේ වැඩසටහන සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින් 300 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය පසුගියදා විවෘත කරන ලදී.

බැංකුවේ ආයතනික හා සමාජ වගකීම් භාරයේ භාරකරුවන් වන කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුහ්සීන් මහතා, නියෝජ්‍ය සභාපති රාජා සේනානායක මහතා, කළමණාකාර අධ්‍යක්ෂ සනත් මනතුංග මහතා, ප්‍රධාන මූල්‍ය නිළධාරී නන්දික බුද්ධිපාල මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා යන පිරිස බැංකුව නියෝජනය කරමින් මෙහි ප්‍රතිලාභී පාසල වන මිනුවන්ගොඩ නාලන්දා ජාතික (පිරිමි) පාසලේදී පැවැත්වූ සුවිශේෂී වැඩසටහනට සහභාගී වූහ.

 




 

කොමර්ෂල් බැංකුව විසින් ප්‍රදානය කරන සෑම තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් ම නවතම පරිගණක හා උපාංග වලින් සමන්විත වේ. මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර නඩත්තු කිරීම සහ අවශ්‍ය වූ විට වැඩිදියුණු කිරීම බැංකුව විසින් කාලානුරූපී ව සිදුකරන අතර ඒ තුළින් බොහෝ සිසු කණ්ඩායම් වලට මෙම විද්‍යාගාර පහසුකම් භාවිතා කිරීමට හැකිවනු ඇත. බැංකුව විසින් පරිත්‍යාග කර තිබෙන තොරතුරු තාක්ෂණ විද්‍යාගාර මගින් සිසු දරුවන් 300,000 කට අධික සංඛ්‍යාවක් දැනටමත් ප්‍රතිලාභ ලබා ඇත.

සිය ආයතනික හා සමාජ වගකීම් ඉෂ්ඨ කිරීමේදී කොමර්ෂල් බැංකුව වැඩි වශයෙන් කැප වෙන්නේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනය සඳහායි. පරිත්‍යාග කළ මෙම තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 300ට අමතරව, ජාතික ස්මාර්ට් පාසල් වැඩසටහනේ ප්‍රධාන හවුල්කරුවෙකු වශයෙන් බැංකුව විසින් පාසල් 165ක් ඩිජිටල් ඉගෙනුම් පහසුකම් වලින් අංග සම්පූර්ණ කිරීමට සහාය ලබා දී ඇත. සිසුන්ගේ ඉගෙනීම පහසු කිරීමේ අරමුණෙන් ප්‍රායෝගික සහ වීඩියෝ සමර්පණ (presentations) ඇතුලත් කරමින් පාසල් විෂය මාලා අන්තර්ගතය ඩිජිටල්කරණය කිරීමේ කාර්යයට ද බැංකුව අරමුදල් සපයා ඇත. සිසුන්ගේ විචාරාත්මක චින්තනය දියුණු කිරීම උදෙසා STEM පංතිකාමර 170ක් සහ ගණිත විද්‍යාගාර 170ක් පරිත්‍යාග කර ඇති අතර, සිසුන් 3,000 කට CISCO ජාලකරණය පිළිබඳ ඇකඩමියෙන් සුදුසුකම් ලබා ගැනීමට ද සහයෝගය ලබා දී ඇත. තවද, සිසුන්ට මෘදුකාංග කේතකරණය කිරීමේ හැකියාවන් ලබා දීම සඳහා ශිෂ්‍ය සමාජ පිහිටුවීම මගින් රජයේ පාසල් වල මෘදුකාංග ඉගෙනුම් අවස්ථා ද ස්ථාපිත ඇත.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව