
මෑතකදී කොළඹ පැවති වීසා නායකත්ව සමුළුවේදී පවත්වන ලද 2025 වීසා වාණිජ විසඳුම් විශිෂ්ඨතා සම්මාන උළෙලේදී විශාල හා මධ්‍ය පරිමාණ වෙළඳපොල කාණ්ඩයේ ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුවට හිමි විය.
මෙම වාර්ෂික සම්මාන වැඩසටහන මගින් ඇගයීමට ලක්වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඩිජිටල් ගෙවීම්වලින් සවිබල ගන්වමින්, වීසා හි වාණිජ ගෙවීම් පද්ධතිය හරහා සිදුකළ කැපීපෙනෙන කාර්යසාධනයයි. කොමර්ෂල් බැංකුව විසින් දේශසීමා හරහා ප්‍රමුඛත්වය සඳහා වූ ඉහළම සම්මානය දිනා ගත්තේ ශ්‍රී ලාංකික ව්‍යපාරවලට ගෝලීය වේදිකාවේ දී බාධාවකින් තොරව හා ආරක්ෂිතව ගනුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම නිසාවෙනි.
සම්මානය පිළිගනිමින් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ සහ පාරිභෝගික නිෂ්පාදන කපිල ලියනගේ මහතා මෙසේ පැවසීය: “මෙම සම්මානය මගින් ශ්‍රී ලංකාවේ විශාල හා මධ්‍යම පරිමාණයේ සේවාදායකයින්හට දේශසීමා හරහා අති නවීන ගෙවීම් හැකියාවන් ලබා දීමේ අපගේ උපාය මාර්ගයේ සාර්ථකත්වය අවධාරණය කරයි. වීසා හි ගෝලීය ජාලය අප සතු ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් සමඟ ඒකාබද්ධ කිරීමෙන් ව්‍යාපාරවලට දේශසීමා හරහා විශ්වාසයෙන් ක්‍රියාත්මක වීමට අපි හැකියාව ලබා දෙන්නෙමු. එමගින් ඔවුන්ගේ වර්ධනයට සහ විශේෂයෙන් ම, ජාතියේ ආර්ථික අභිලාෂයන්ට සහය වන්නෙමු. මෙම ගෞරවය ලබා දීම වෙනුවෙන් වීසා සමාගමටත්, ඔවුන්ගේ නොසැලෙන විශ්වාසය වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්හටත් අපි ස්තූතිවන්ත වෙමු.”
බැංකුවට සුබ පතමින්, වීසා හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය මෙසේ පැවසුවාය: “කොමර්ෂල් බැංකුවේ නව්‍යෝත්පාදනය සහ සේවාදායක කේන්ද්‍රීයභාවය වෙනුවෙන් ඇති කැපවීම, මෙම වීසා වාණිජ විසඳුම් විශිෂ්ඨතා සම්මාන උළෙල මගින් නියෝජනය කරන දෑ මනාව පෙන්නුම් කරයි. ඔවුන්ගේ මෙම දේශසීමා හරහා කැපී පෙනෙන සාර්ථකත්වය සම්මානයට පාත්‍ර වීම, උපායමාර්ගික හවුල්කාරිත්වයන් හා තාක්ෂණයන් හරහා ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා නව අවස්ථා විවෘත කරන්නේ කෙසේද යන්න මනාව පිළිඹිබු කරයි. මෙරට විශාල සහ කුඩා පරිමාණ ව්‍යාපාරවල ගනුදෙනු ඩිජිටල්කරණය කිරීම උදෙසා වූ අප දෙපාර්ශවයේ ම පොදු දැක්මත් සමඟින් කොමර්ෂල් බැංකුව සමඟ මෙම හවුල්කාරීත්වය තවදුරටත් පුළුල් කිරීමට වීසා සමාගම කටයුතු කරනවා.”
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier 1 බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් පිහිටුවීම සඳහා බැංකුවට මෑතකදී ඩුබායි මූල්‍ය සේවා අධිකාරියෙන් අනුමැතිය ලැබුණු අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.