කොමර්ෂල් බැංකුව දෙහිවල සහ ගාලු කොටුව ශාඛාවන්හි ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා විශේෂ කවුන්ටර

IBCs at Dehiwela and Galle Fort (LBN)

ෂරියා නීතිවලට අනුකූල බැංකු නිෂ්පාදන හා සේවා සඳහා ප්‍රවේශය පුළුල් කරමින් කොමර්ෂල් බැංකුව ඉස්ලාමීය ගනුදෙනුකරුවන්ගේ විශේෂ අවශ්‍යතා සපුරාලීම සඳහා දෙහිවල සහ ගාලු කොටුව ශාඛාවල අල් අදලාහ් ඉස්ලාමීය බැංකු කවුන්ටර විවෘත කර ඇත.

කොමර්ෂල් බැංකුව විසින් කොළඹ 01, පිටකොටුව ප්‍රධාන වීදියෙහි පිහිටි සිය නගර ශාඛාවෙහි  සහ කාත්තන්කුඩි හි පිහිටි බැංකු ශාඛාවේ මෙවැනි කවුන්ටර පිහිටුවිමෙන් පසුව විවෘත කරන ලද මෙම කවුන්ටර ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා විවෘත කරන ලද බැංකුවේ සිව්වන සහ පස්වන කවුන්ටර වේ.
 



 

මෙම කවුන්ටර ඔස්සේ ගිණුම් විවෘත කිරීම, ණය ලබා දීමේ පහසුකම් සහ පාරිභෝගිකයන් සඳහා සහාය සැපයීම ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් රැසක් ඉස්ලාමීය බැංකුකරණය පිළිබඳ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයකින් ලබා දෙනු ඇත. අවට ප්‍රදේශයන් හි ගනුදෙනුකරුවන්ට පුද්ගලික හා කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා මෙම කවුන්ටර සඳහා ඉස්ලාමීය බැංකුකරණයෙහි විශේෂඥ නිලධාරියෙකු පත් කර ඇත.

අල් අදලාහ් ඉස්ලාමීය බැංකුකරණය යටතේ කොමර්ෂල් බැංකුව විසින් පිරිනමන නිෂ්පාදන අතරට වදියා යද් ධමාන් ජංගම ගිණුම, මුදාරබා ඉතුරුම් ගිණුම, මුදාරබා ආයෝජන, හීනවන මුෂාරකා, මුරාබහා සහ මුසාවමාහ්, ඉජාරා ලීසිං සහ ආනයන මූල්‍යකරණ යන බැංකුකරණ නිෂ්පාදන ඇතුලත් වේ. මෙම නිෂ්පාදන සියල්ලම ඉස්ලාමීය නීති විද්‍යාව පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත වන බැංකුවේ ෂරියා මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ සිදු කරන ලබන අතර සියලුම ගනුදෙනු ෂරියා මූලධර්ම හා පරාමිතීන්ට අනුකූල වන බව එමගින් සහතික කෙරේ.ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව