කොමර්ෂල් බැංකුව දෙවන කෘෂි නවීකරණ වැඩසටහන නැගෙනහිරින් වව්නතිව් වෙතට

Agri Modernisation Village - Vavunathivu (LBN)

කොමර්ෂල් බැංකුව කිලිනොච්චියේ මහිලන්කාඩු හි සිදු කළ පළමු කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ දෙවන ‘කෘෂි නවීකරණ ගම්මානය’ ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ වව්නතිව් ප්‍රදේශය තෝරා ගෙන ඇත.

කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහන ගමින් ගමට ක්‍රියාත්මක වන අතර රටෙහි සියලු කෘෂිකාර්මික විභවයන් ආවරණය කරමින් කෘෂිකාර්මික අංශයේ තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද අභිලාෂකාමී මෙහෙයුමකි. මෙම වැඩසටහනට උසස් ශිල්පීය ක්‍රම භාවිතයෙන් බද්ධ කිරීම, ඩ්‍රෝන යානා යෙදීම, ඵලදායිතාව සහ ලාභදායීතාවය වර්ධනය කිරීමට මූලික වන දේශගුණයට ඔරොත්තු දෙන බෝග වර්ග වැනි දෑට යොමු කිරීම; කුසලතා සංවර්ධනය සහ පුහුණුව; මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පහසු කිරීම සඳහා බැංකුව සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම; වඩා හොඳ අස්වැන්නක් සහ නව වෙළඳපොළවල් වෙත ප්‍රවේශ කරවීම හරහා ජීවනෝපායන් වැඩිදියුණු කිරීම; ගොවි ඉඩම් තුළ දිගුකාලීන ශක්‍යතාව සහතික කරන තිරසාර භාවිතයන් පිළිබඳ දැනුවත් කිරීම; ප්‍රජා සහයෝගය සහ ජාලකරණය වැනි දියුණු ශිල්පීය ක්‍රම ඇතුළත් වේ.




වව්නතිව් හි ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා බැංකුව විසින් ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක් වී සිටියි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන හා කෘෂිකාර්මික ආයතන සමඟ ගොඩනැගෙන සහයෝගීතාවයෙන් වටිනා දැනුම බෙදා ගැනීමේ පරිසරයක් නිර්මාණය වන බව බැංකුව පවසයි.

වව්නතිව් වැඩසටහනේ ආරම්භක අදියර වශයෙන් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් වී පැළ සිටුවීම පිළිබඳ පුහුණු සැසියක් පවත්වන ලදි. මෙම අවස්ථාවට වව්නතිව් ගොවි සංවිධානයේ සාමාජිකයින්, විශ්ව විද්‍යාල සිසුන්, මඩකලපුව ප්‍රදේශයේ කෘෂිකර්ම විශේෂඥයින් සහ නිලධාරීන් ඇතුළු ප්‍රදේශයේ ගොවීන්ගේ සහභාගීත්වය දැක ගන්නට හැකි විය.

මෙම අවස්ථාවට සහභාගී වූ කීර්තිමත් පුද්ගලයින් අතරට මඩකලපුව දිසාපතිනිය ජේ. ජේ. මුරලීදරන් මහත්මිය; කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. පරමේෂ්වරන් මහතා; නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටී. ගෙරිතරන් මහතා; අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ඒ. ගයාත්‍රි මහත්මිය සහ මන්මුනෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් එන්. සත්‍යන්ති මහත්මිය ඇතුළත් විය. මීට අමතරව කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ලෙස බැංකුවේ නැගෙනහිර කලාපයේ කලාප කළමනාකරු                   ටී. කජරුබන් මහතා සහ සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ කළමනාකරු ඩබ්ලිව්. ටී. සී. ලසන්ත මහතා මෙම අවස්ථාවට සහභාගී විය.

සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම සහ කෘෂිකාර්මික අංශයේ විප්ලවීය වෙනසක් ඇති කරන නව තාක්ෂණික ක්‍රමෝපායන් අතර පවතින පරතරය නැති කිරීමට සහ නව පරම්පරාව බුද්ධිමත් කෘෂිකාර්මික ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම සහ උත්තේජනය කිරීම සඳහා මෙවැනි වැඩසටහන් සැලසුම් කර ඇති බව බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් පිහිටුවීම සඳහා බැංකුවට මෑතකදී ඩුබායි මූල්‍ය සේවා අධිකාරියෙන් අනුමැතිය ලැබුණු අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව