කොමර්ෂල් බැංකුව දියත උයනේ දී අතිසාර්ථක සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක වෙළෙඳ ප‍්‍රදර්ශනයක් පවත්වයි

SME Trade Fair 2022

 



 

 

 

මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට වැඩිම ණය දෙන්නා වන කොමර්ෂල් බැංකුව පසුගියදා කොළඹ දියත උයනේදී දේශීය ව්‍යවසායකයින් 120 දෙනෙකු සහභාගී කරගනිමින් ‘2022 සුළු හා මධ්‍යම ප‍්‍රමාණ ව්‍යවසායක වෙළෙඳ ප‍්‍රදර්ශනය’ පැවැත්වූ අතර එහිදී ශ‍්‍රී ලංකාවේ නිර්මාණ ආහාර පාන ඇතුළු නවෝත්පාදනයන් රැසක් ප‍්‍රදර්ශනය කිරීමට මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් කටයුතු කර තිබුණි.

මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම නොමිලේ මහජනතාවට විවෘත කරන ලදී. මෙහිදී, දේශීය ව්‍යවසායකයින් විසින් නිෂ්පාදනය කළ සුවිශේෂී නිෂ්පාදන ගැනුම්කරුවන්ට 50% ක් දක්වා වට්ටමකට ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබුණු අතර බැංකුව සඳහන් කරන්නේ දේශීය කර්මාන්ත සහ ඒවායේ වර්ධනය ප‍්‍රවර්ධනය කරමින් දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනය බැංකුව විසින් සංවිධානය කළ බවයි.

මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනයට සහභාගීවීම තුළින් ව්‍යවසායකයින්ට සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට අනිකුත් කුඩා ව්‍යාපාරික හිමියන් මුණ ගැසී ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට, අළුත් සැපයුම්කරුවන් සොයා ගැනීමට, රජයේ ආයතන මුණගැසී අවශ්‍ය සහයෝගය ලබාගැනීමට, කර්මාන්තවල විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වු වැඩමුළු වලට සහභාගීවීමේ අවස්ථාව හිමිවුණි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, එම්.එස්.කේ. ධර්මවර්ධන මහතා, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා, ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ විධායක අධ්‍යක්ෂ, සනත් මනතුංග මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකු අංශය දෙලක්ෂන් හෙට්ටිආරච්චි මහතා සහ බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් මෙම වැඩසටහනට සහභාගී විය.

මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනයේ තිබූ කොමර්ෂල් බැංකු කුටියට බැංකුවේ සියළුම ප‍්‍රධාන දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී කරවා තිබුණු අතර ඔවුන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට සහ ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණි අයට අවශ්‍ය තොරතුරු ලබාදීම සහ පුද්ගලික සහ ව්‍යාපාරික භාවිතය සඳහා බැංකුව විසින් නිර්මාණය කර තිබෙන ඩිජිටල් බැංකුකරණ කටයුතුවල ලියාපදිංචි කිරීම සිදුකරන ලදී. මීට අමතරව, සහභාගී වූවන්ගේ අපනයන සහ වෙළෙඳ මූල්‍යන කටයුතු වෙනුවෙන් සහාය සේවා ලබාදීම, බැංකු කාඞ්පත් ඇතුළු සිල්ලර බැංකු කටයුතු සඳහා සහයෝගය ලබාදීම සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශයට අදාළ නිෂ්පාදන සහ සේවා සඳහා සහයෝගය ලබාදීම මෙහිදී සිදුකළේය.

මීට අමතරව, මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනයේදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ‍්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන සඳහා කුටි ලබා දී තිබුනි. මෙහිදී, මෙම ආයතනවල නියෝජිතයින් එකට එක්වී වෙළෙඳ ප‍්‍රදර්ශනයට පැමිණි පුද්ගලයින්ට නීතිමය, ප‍්‍රතිපත්තිමය සහ ව්‍යාපාරික සංවර්ධන අවස්ථාවන් වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දුන්නේය.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව