කොමර්ෂල් බැංකුව තවත් අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 05 ක් පරිත්‍යාග කරයි

5 more IT labs 2022 - Composite (LBN Fill)

 



 

 

කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන ජාතික තොරතුරු තාක්ෂණික අධ්‍යාපනික වැඩසටහන යටතේ තවත් අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 05 ක් රජයේ අධ්‍යාපන ආයතන වෙත පරිත්‍යාග කිරීමට බැංකුව කටයුතු කර තිබේ. මෙහිදී, මෙම ආයතනවල අවශ්‍යතාවය පරිදි ගොඩනැගිලි අළුත්වැඩියා කිරීමටද කොමර්ෂල් බැංකුව පියවර ගෙන ඇත.

බැංකුව විසින් මෙම නවතම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර වල්පිට කුඩාගම්මන මහා විද්‍යාලය, කොටදෙණියාව කරුණාරත්න විද්‍යාලය, තවලම්පිටිය මහා විද්‍යාලය සහ මීරිගම හේනේපොළ විද්‍යාලෝක විද්‍යාලය සහ රාජගිරිය වෘත්තීය පුහුණු අධිකාරියට බැංකුවේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ පරිත්‍යාග කර තිබේ.

බැංකුව විසින් සිදුකළ පරිත්‍යාග වලට පරිගණක, පුටු, ප‍්‍රින්ටර් සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් ඇතුළත් වූ අතර මෙම ස්ථානවල පැවති තොරතුරු තාක්ෂණික විද්‍යාගාර සමහරක් අළුත්වැඩියා කිරීමට සහ පුළුල් කිරීමටද බැංකුව මුදල් ආයෝජනය කර තිබේ.

පාසැල්වල 01 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා තොරතුරු තාක්ෂණික විෂය ඉගැන්වීම සඳහා පාසැල් වලට තොරතුරු තාක්ෂණික විද්‍යාගාර අවශ්‍ය වන අතර විෂය මාලාව තුළ තොරතුරු තාක්ෂණික විෂය අනිවාර්ය විෂයක් බවට මේ වනවිට පත්කර ඇත. වෘත්තීය පුහුණු අධිකාරියට සිසුන් 30 දෙනෙකු සඳහා සතියට දෙවරක් සිය පරිගණක පාඨමාලා පැවැත්වීමට අළුත් පරිගණක 10 ක් අවශ්‍යව තිබුණු අතර බැංකුව විසින් එම අවශ්‍යතාවය සපුරන ලදී.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව