
මේ දක්වා කුඩා, මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයින් 8000කට අධික පිරිසක් සඳහා ප‍්‍රතිලාභ අත්කර දුන් නවෝත්පාදනයක් වන තම ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන බදුල්ලේ රොක්හිල් හි වෘත්තීය පුහුණු අධිකාරියේ අවසන් වසර සිසුන් කණ්ඩායමක් වෙත ව්‍යාප්ත කිරීමට පසුගියදා කොමර්ෂල් බැංකුව පියවර ගත්තේය.
වඩු කාර්මික ශිල්පය, මෝටර් රථ කාර්මික ශිල්පය, ජලනල කාර්මික ශිල්පය, පෙදරේරු ශිල්පය, රූපලාවන්‍ය ශිල්පය සහ ගොඩනැගිලි සැලසුම් ශිල්පය ආදී විවිධ වෘත්තීය පාඨමාලාවන්හී නිරත සිසුන් 110 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගි වියග මෙහිදී ඔවුන් සඳහා මූල්‍ය සාක්ෂරතාවය සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම ලබා දීමද සිදු විය.
ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මාතලේ කලාපීය කාර්යාලයේ කළමනාකාර සහකාර චතුර අල්විස් මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලද අතර ඔහු එහිදී ආවරණය කරන ලද විෂයන් පිළිබඳ මනා පළපුරුද්දක් සේම දැනුමක්ද සහිත දේශකයෙකි.
මෙම වැඩසටහන සඳහා බදුල්ල කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂ එච්. පී. එච්. වික‍්‍රමරත්න, වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්යභාර නිලධාරි ආර්. එම්. බණ්ඩාර, කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ කළමනාකාර මාලික ද සිල්වා, බැංකුවේ බදුල්ල ශාඛා කළමනාකාර චමින්ද විජේදාස ඇතුළු බැංකුවේ සෙසු නිලධාරිහු කීප දෙනෙක්ද සහභාගි වූහ.
කොමර්ෂල් බැංකුව මගින් පසුගිය වසර හතක කාලය තුළ මෙරට බොහෝ ප‍්‍රදේශයන්හී ව්‍යාපාරවල විවිධ අංශවල නිරත ක්ෂුද්‍ර ව්‍යවසායකයන් සඳහා මේ ආකාරයේ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා තිබේ.
මෙම වැඩසටහන් සඳහා සහාය දෙනු ලබන්නේ තම කෘෂිකර්මාන්ත ක‍්‍රියාකාරකම් හෝ ක්ෂුද්‍ර ව්‍යාපාරයන් සංවර්ධනය කරගැනීම සඳහා යම් අතදීමක් අපේක්ෂා කරන ව්‍යවසායකයන්ගේ විශේෂිත අවශ්‍යතාවයන් හඳුනාගැනීම සඳහා බැංකුවට සහාය වීමේ මූලික භූමිකාවක නිරත වන බැංකුවේ කෘෂි සහ ක්ෂුද්‍ර මූල්‍ය එ්කක 16 විසිනි. මෙම එ්කක කෘෂි ණය ලබාදීම සහ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සඳහා කැපවී සිටියි.
කොමර්ෂල් බැංකුවේ කෘෂි සහ ක්ෂුද්‍ර මූල්‍ය එ්කක :්ඵත්‍ඹ* රත්නපුර, නාරම්මල, මහනුවර, අනුරාධපුර, කිලිනොච්චි, බණ්ඩාරවෙල, වැල්ලවාය, හිඟුරක්ගොඩ, ගලේවෙල, අච්චුවේලි, වව්නියා, කාත්තන්කුඩි, තිස්සමහාරාම, නෙලූව, පොතුවිල් සහ අක්කරෙයිපත්තු යන නගරවල පිහිටා තිබේ.