කොමර්ෂල් බැංකුව කොවිඞ් අභියෝගයන් හමුවේ හොඳම කළමනාකරණ දැක්වූ දේශීය සමාගම් 10 අතරට

CPM Best Management Practices Award 2022 (2)

 



 

 

 

කොවිඞ්-19 ගෝලීය වසංගතයෙන් බලපෑමට ලක්වූ වසර දෙකක කාලය තුළදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ඨතම කළමනාකරණය දැක්වූ සමාගම් 10 අතරට ශ‍්‍රී ලංකා වරළත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් කොමර්ෂල් බැංකුව නම් කර ඇත.

එම ආයතනය විසින් සංවිධානය කළ ‘2022 හොඳම කළමනාකරණ ක‍්‍රමවේද සමාගම් සම්මාන’ ප‍්‍රදානෝත්සවයේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුවට මෙම ගෞරවණීය ‘ටොප් ටෙන්’ සම්මාන වලින් එකක් ප‍්‍රදානය කරන ලදී.

මෙම සම්මාන සඳහා අයදුම් කරන ලෙස මෙරට පුද්ගලික ආයතන වලට ආරාධනා කර තිබූ අතර එහිදී 2020 හෝ 2021 කාලයේදී තම ආයතන ව්‍යාපාරික කටයුතු වෙතට නැඹුරු කරමින් ව්‍යාපාරය නොවැටී පවත්වා ගැනීමට එම සමාගම් විසින් අනුගමනය කළ හොඳම කළමනාකරණ ක‍්‍රමවේදයන් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණි.

මෙහිදී, කොමර්ෂල් බැංකුව විසින් ඉදිරිපත් කළ වාර්තාවෙන් වසංගතයට පෙර කොමර්ෂල් බැංකුව විසින් අනුගමනය කළ කළමනාකරණ ක‍්‍රමවේදයන්, වසංගතයෙන් පසුව අනුගමනය කළ නව්‍ය වූ කළමනාකරණ ක‍්‍රමවේදයන්, වසංගතය සමයේ ව්‍යාපාර නැංවීමට සිදුකළ දායකත්වය සහ අනිකුත් පැතිකඩ වලින් ගණනය කළ ප‍්‍රතිඵල ඉදිරිපත් කරන ලදී.

බැංකුව විසින් ඉදිරිපත් කළ වාර්තාවෙන් වසංගතය සමයේදී බැංකුව විසින් අනුගමනය කළ හොඳම මානව සම්පත් ක‍්‍රමවේදයන් කිහිපයක්ද දක්වා තිබුණි. ඒවා අතර වසංගතය සමයේදී බැංකු මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගැනීම වෙනුවෙන් විකල්ප කාලසටහන් ක‍්‍රියාත්මක කිරීම, සේවකයින්ට ආහාර පාන සහ නවාතැන් මෙන්ම ප‍්‍රවාහන පහසුකම් සැපයීම, බැංකුවේ විවිධ අංශවල සහයෝගයෙන් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණික පද්ධති සහිත විකල්ප මෙහෙයුම් ස්ථාන පවත්වාගෙන යාම, ස්වයංක‍්‍රීය කෝල්-ටී‍්‍ර පද්ධතියක් මගින් සේවකයින් සමග සන්නිවේදන කටයුතු සිදුකිරීම ඒවා අතරට ඇතුළත් කර ඇත.

මෙම යහ ක‍්‍රමවේද අනුගමනය කිරීම නිසා බැංකුවේ ව්‍යාපාරික ප‍්‍රමාණය අඛණ්ඩව වර්ධනය වූ අතර 2020 සහ 2021 වසර දෙක තුළදීම කොමර්ෂල් බැංකුවේ මූල්‍ය දර්ශක යහපත් අතට පත්විය. මේ අතර, තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් සිදුකළ සහන ණය වැඩසටහන් තුලින් කොවිඞ්-19 සහන ණය ලබාදුන් පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම වාණිජ බැංකුව බවටද කොමර්ෂල් බැංකුව පත්විය. මීට අමතරව, මුදල් අමාත්‍යංශය සඳහන් කර තිබෙන්නේ 2020 වසරේදී මෙරට රාජ්‍ය, පුද්ගලික සහ විශේෂිත බැංකු අතුරින් සුළු හා මධ්‍යම පරිමාණ අංශයට වැඩිම ණය ලබාදී තිබෙන්නේ කොමර්ෂල් බැංකුව බවයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුවයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව