කොමර්ෂල් බැංකුව කළමනාකරණ පශ්චාත් උපාධි ආයතන සමඟ කළමනාකාරීත්වය සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි

1

 



 

 

කොමර්ෂල් බැංකුව විසින් සිය මැදපෙළ කළමනාකාරීත්වය සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන අතර එමගින් මෙම කණ්ඩායමේ කුසලතා සහ හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ගේ වෘත්තීය වර්ධන අපේක්ෂාවන් ඉහළ නැංවීමට අපේක්ෂා කර තිබේ. ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් වෘත්තීය සහ රැකියා සංවර්ධන ආයතන විසින් සමාන්තරව සිදුකරන මැදපෙළ කළමනාකාරීත්වය සංවර්ධනය කිරීමේ වැඩසටහන් දෙකක් සඳහා බැංකුවේ විදේශීය මෙහෙයුම් කටයුතුවල සිටින ඇතැම් විධායක නිළධාරීන්ද ඇතුළුව තෝරාගත් විධායක නිළධාරීන් බැංකුව විසින් ලියාපදිංචි කර තිබේ. මේ අනුව, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) උපදේශන කණ්ඩායමක් සහ බාහිර වෘත්තීයවේදීන් කණ්ඩායමක් විසින් මෙම මැදපෙළ කළමනාකාරීත්වයේ දක්ෂතා, නායකත්වය සහ කළමනාකරණ කුසලතාවයන් වර්ධනය කිරීමට කටයුතු කරන අතර බැංකුව සඳහන් කරන්නේ මෙම වැඩසටහන දෙමුහුන් ආකෘතියකින් ක‍්‍රියාත්මක කරන බවයි.

මෙහිදී, කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය විසින් මෙම වැඩසටහන වසර දෙකකට වඩා වැඩි කාලයක් ක‍්‍රියාත්මක කරන අතර මේ සඳහා සහභාගී වන කොමර්ෂල් බැංකුවේ විධායක නිළධාරීන්ට තමන්ගේ නායකත්ව කුසලතාවයන් දියුණු කරගැනීමට අවස්ථාව උදාවනු ඇත. මෙම වැඩසටහන පසුගියදා ඒ සඳහා ලියාපදිංචි වූවන් සහ බැංකුවේ මානව සම්පත් මෙහෙයුම් විධායක කමිටුවේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) ශ‍්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී.

සේයාරුවෙන් පෙනෙන්නේ (ඉහළ) කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ රැස්ව සිටි පිරිස ඇමතූ ආකාරයයි. (පහළ) කොමර්ෂල් බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයින්, මෙම වැඩසටහන හැදෑරීමට එක්වූ බැංකුවේ මැදපෙළ කළමනාකාරීත්වයේ සාමාජිකයින් සමග සිටින අයුරු.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව