කොමර්ෂල් බැංකුව කල් පිරීම පදනම් කරගත් විදේශ මුදල් ආයෝජන සැලසුමක් එළි දක්වයි

Millionaire Investment Plan in Foreign Currency (LBN)

 




 

 

විදේශීය මුදල් උපයන ශ‍්‍රී ලාංකිකයින්ට ස්ථාවර මාසික මුදලක් තැන්පත් කිරීම මගින් ඉහළ පොලී ආදායමක් සමඟ ඇමරිකානු ඩොලර් හෝ තවත් විදේශීය මුදල් වර්ග තුනකින් 10,000 ක අවමයක් කෙටි කාලයක් තුළ ඉතිරි කරගැනීමට අවස්ථාව සලසන සුවිශේෂී ආයෝජන සැලසුමක් කොමර්ෂල් බැංකුව එළිදක්වා ඇත.

මෙම ආයෝජන සැලසුම ‘Millionaire Investment Plan in Foreign Currency’ යනුවෙන් නම්කර තිබෙන අතර දැනටමත් බැංකුව විසින් සාර්ථකව පවත්වාගෙන යන ‘Millionaire Investment Plan’ මේ සඳහා ආදර්ශය බවට පත්කර ගෙන තිබෙන බව බැංකුව සඳහන් කරයි. මෙම ආයෝජන සැලසුමේ මුදල් තැන්පතු කරන්නන්ට දැනට වෙළෙඳපොළ තුළ තිබෙන තරගකාරී ආයෝජන සැලසුම් වලින් ලබාදෙනවාට වඩා ඉහළ පොලී අනුපාතයක් ලබාදෙන අතර අවුරුදු තුන, අවුරුදු හතර සහ අවුරුදු පහ යන කාල සීමාවකින් කල්පිරෙන පරිදි මෙම ආයෝජන සැලසුමේ ඇමරිකානු ඩොලර්, යූරෝ, ස්ටර්ලිං පවුම් සහ  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් තැන්පත් කළ හැකිවේ.

මෙම සැලසුමට අනුව තැන්පතු කරුවන්ට තමන් තෝරා ගන්නා කාලයකදී කොපමණ මුදලක් ඉතිරි කළහැකි දැයි තීරණය කරගැනීමට අවස්ථාව සලසා තිබෙන අතර ඇමරිකානු ඩොලර්, යූරෝ, ස්ටර්ලිං පවුම් සහ  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් වලින් 10,000 ක්, 25,000 ක්, 50,000 ක්, 100,000 ක් සහ 250,000 ක් ලෙස තමන්ගේ හැකියාව අනුව ආයෝජනය කිරීමට කොමර්ෂල් බැංකුව විසින් අවස්ථාව ලබාදී තිබේ.

උදාහරණයක් ලෙස වසර පහකින් කල් පිරෙන ලෙස යම් විදේශීය මුදලකින් 10,000 ක් ආයෝජනය කරන්නේ නම් ගනුදෙනුකරුවන්ට මාසිකව තැන්පත් කිරීමට සිදුවන්නේ ඇමරිකානු ඩොලර් වලින් නම් 133.50 ක්, යූරෝ වලින් නම් 146.50 ක්, ස්ටර්ලිං පවුම් වලින් නම් 142.75 ක් සහ  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් වලින් නම් 139 ක් බව බැංකුව සඳහන් කරයි.

මෙම විශේෂ විදේශ මුදල් ආයෝජන සැලසුම විදේශීය රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ට,  ඕනෑම තැනක සිටින ශ‍්‍රී ලාංකේය ද්විත්ව පුරවැසියන්ට, වෙනත් රටක ස්ථීර නේවාසික තත්ත්වය හෝ පුරවැසිභාවය හිමි ශ‍්‍රී ලාංකිකයින්ට, ශ‍්‍රී ලාංකාවෙන් පිට හෝ ඇතුළත නේවාසිකව සිටින අයට සහ ශ‍්‍රී ලංකාවේ සිටින විදේශීය මුදල් උපයන ශ‍්‍රී ලාංකිකයින්ට විවෘත කළ හැකි බව බැංකුව සඳහන් කරයි. මෙම ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලැබීම සඳහා ගනුදෙනුකරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ කර හෝ එයට වඩා වැඩි වයසකින් යුක්ත විය යුතු අතර තමන්ගේ කැමැත්ත පරිදි මාසිකව විදේශ මුදල් තැන්පත් කිරීමේ අවස්ථාව මෙහි තිබෙන බව කොමර්ෂල් බැංකුව පවසයි.

මෙම ආයෝජකයින් කොමර්ෂල් බැංකුවේ පුද්ගලික විදේශීය මුදල් ගිණුමක් (PFC)  පවත්වාගෙන යා යුතු අතර මාසිකව තැන්පත් කිරීමට එකඟ වන මුදල එය මෙම ආයෝජන සැලසුමට විදේශ මුදල් වලින් පේ‍්‍රෂණය කළ හැකිවේ. මෙහිදී, කල් පිරීමේදී ලබාදීමට එකඟවී තිබෙන ආයෝජන මුදල ගනුදෙනුකරුවාගේ පුද්ගලික විදේශීය මුදල් ගිණුමට බැංකුව විසින් බැර කරනු ඇත.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව