කොමර්ෂල් බැංකුව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟ කුසලතා සංවර්ධන වැඩසටහනක් පවත්වයි

Next Gen Skills Development at Yashodara Vidyalaya (LBN)

කොමර්ෂල් බැංකුවෙහි ‘දිරිබල ඉදිරි පරම්පරාවේ පාසල් ව්‍යවසායකත්වය සවිබලගැන්වීමේ වැඩසටහන’ යටතේ මෑතකදී සංවිධානය කරන ලද කුසලතා සංවර්ධන වැඩසටහන් දෙකක් ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ ව්‍යවසායකත්ව කවයේ සිසුවියන් කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සම්පත්දායකයින් විසින් මෙහෙයවනු ලැබූ ‘ගෘහස්ත මට්ටමින් බේකරි අයිතම නිෂ්පාදනය’ සහ ‘රූපලාවන්‍ය ශිල්පී පුහුණුව’ නම් වැඩසටහන් සඳහා සහභාගීවූවන්ට සහතිකපත් ද පිරිනමන ලදි.
 



 
මෙම දෙදින වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රටෙහි ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ප්‍රකාශ කළ අතර අනාගතයේ සංවර්ධනයට පාසල් ව්‍යවසායකත්වය වැදගත් වන ආකාරය අවධාරණය කළේය. තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම නවෝත්පාදන දිරිගැන්වීමට සහ ශක්තිමත් ආර්ථික පදනමක් ජාතිය වෙනුවෙන් නිර්මාණය කිරීමට හේතුවන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

කොමර්ෂල් බැංකුවෙහි දිරිබල ඉදිරි පරම්පරාවේ පාසල් ව්‍යවසායකත්වය සවිබලගැන්වීමේ වැඩසටහන නිර්මාණය වූයේ පාසල් ව්‍යවසායකත්වය සවිබලගැන්වීමට සහ පාසල් ව්‍යවසායකත්ව කවයන් තුළ පරිවර්තනීය මානසිකත්වයක් ඇති කිරීමටයි. බැංකුව විසින් සංවිධානය කරන වැඩසටහන් වල සිසුන්ට තම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබෙන ආකාරයටත්, මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම සහ තෝරා ගත් කර්මාන්තයන්හි සිසුන්ගේ කුසලතා සහ දැනුම වැඩිදියුණු කිරීමට තාක්ෂණික සහය සැපයීමටත්, රජයේ සහ පෞද්ගලික ආයතනවල සයෝගයෙන් මෙම වැඩසටහන ආකෘතිගත කර ඇත. මෙම වැඩසටහනට පාසල් ළමුන් සඳහා ව්‍යාපාරික උපදේශනය ද අන්තර්ගත වෙයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව