කොමර්ෂල් බැංකුව එවලුෂන් ඔටෝ සමඟ ලීසිං ප්‍රවර්ධනයක් හරහා නව බලශක්ති වාහන ප්‍රවර්ධනය කරයි

Leasing promo - Evolution Auto (LBN)

කොමර්ෂල් බැංකුව විසින් එවලුෂන් ඔටෝ සමාගම සමඟ සහයෝගීතාවක් තුළින් ශ්‍රී ලංකාව තුළ නව බලශක්ති වාහන වෙත සංක්‍රමණය වේගවත් කිරීමට ප්‍රවර්ධන වැඩසටහනක් නිවේදනය කර ඇත.

බැංකුව විසින් 2025 වර්ෂයේ අවසන් වන තෙක් එවලුෂන් ඔටෝ ගැනුම්කරුවන්ට සමාගම විසින් අලෙවි කරන සියලුම විදුලි වාහන පරාසය ආවරණය වන ලෙස ආකර්ශනීය විශේෂ ලීසිං විකල්ප සහ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කර ඇති අතර, එම සමාගම මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය යටතේ කොමර්ෂල් බැංකුව මඟින් ලීසිං කරන ලද වාහන වලට රුපියල් මිලියන 1.5 ක් දක්වා වට්ටම් ලබා දෙන බව තහවුරු කර ඇත.
 



 

එවලුෂන් ඔටෝ පුද්ගලික සමාගම විසින් අලෙවිකරණ KYC V7″ KYC V5″ Riddara AIR” Riddara Pro” Radar Horizon Pro” සහිත Riddara Horizon Pro සහ AVATR 11 ඇතුළු සම්පූර්ණ විද්‍යුත් මගී සහ වාණිජ වාහන පරාසය ආවරණය කරමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් විශේෂ දීමනා හිමි වෙයි.

අඩු පොලී අනුපාත ඇසුරෙන් ආකර්ෂණීය වාරික, පාරිභෝගික ඉල්ලීම්වලට අනුකූලව සකස් කළ ගෙවීම් සැලසුම් සහ ඉතා ඉක්මනින් අයදුම්පත් වලට අනුමැතිය ලබාදීමට අමතරව, මෙම ප්‍රවර්ධනය යටතේ ලබා දෙන සියලුම ලීසිං සැලසුම් හරිත ලීසිං ලෙස සැලකීමට කොමර්ෂල් බැංකුව එකඟ වී ඇති අතර ඒ තුළින් එම කාණ්ඩයේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබෙයි.

කොමර්ෂල් බැංකුව සුපර් ලීසිං පහසුකම යටතේ වසර හතක ලීසිං සඳහා සෑම රුපියල් 100,000 කටම වාහන ලීසිං සඳහා රුපියල් 1,598.00 ක අඩුම වාරිකයක් ලබා දෙයි.

කොමර්ෂල් බැංකුවේ ලීසිං ගනුදෙනුකරුවන් හට බැංකුවේ සුපර් ලීසිං සහ හයිබි්‍රඩ් ලීසිං පහසුකම් හරහා ඒක පුද්ගල ආදායමට ගැලපෙන ලෙස සකස් කළ ලීසිං පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිව ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් පිහිටුවීම සඳහා බැංකුවට මෑතකදී ඩුබායි මූල්‍ය සේවා අධිකාරියෙන් අනුමැතිය ලැබුණු අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව