කොමර්ෂල් බැංකුව ආයතනික ඉන්ධන ක්‍රෙඩිට් කාඞ් පතක් සහ පෙර ගෙවුම් ඉන්ධන කාඞ් පතක් හඳුන්වා දෙයි

Fuel Cards launch (1)

 




 

 

බොහෝ සමාගම් විසින් ලබාදෙන ඉන්ධන දීමනා යටතේ ඉන්ධන මිලදීගන්නා පුද්ගලික අංශයේ කාර්ය මණ්ඩලය එම මුදල් ආපසු ලබාගැනීමට යාමේදී සිදුවන අපහසුතා මගහැරවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආයතනික ඉන්ධන ක්‍රෙඩිට් කාඞ් පතක් සහ පෙරගෙවුම් ඉන්ධන කාඞ් පතක් හඳුන්වා දී තිබේ.

සෑම මාසයකදීම තම සේවකයින්ගේ ඉන්ධන වියදම් ආපසු ඔවුන් වෙත ලබාදෙන මහා පරිමාණ මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ සමාගම් සඳහා මෙම කාඞ්පත් නිර්මාණය කර තිබෙන අතර සමාගම්වල ඉන්ධන පොත් සහ ගමන් වවුචර පොත් වෙනුවට මෙම කාඞ්පත් භාවිතා කළ හැකිවේ. මෙහිදී, බිල්පත් පරීක්ෂා කිරීමට, තොරතුරු එකතු කිරීමට සහ ඒවා සලකා බැලීමට යන කාලය ඉතිරිකර ගැනීමට අවස්ථාව හිමිවන අතර බිල්පත් නැතිවීමේදී ඇතිවන ගැටලූ මග හැරේ.

සමාගමක ඉල්ලීම මත බැංකුව විසින් එම සමාගමේ සේවකයින්ට මෙම පෙරගෙවුම් ඉන්ධන කාඞ්පත් නිකුත් කරන අතර ඒවා නැවත නැවතත් රීලෝඞ් කළ හැකිවේ. මෙම කාඞ්පත් ඩෙබිට් කාඞ්පත් ලෙසින් ක‍්‍රියාකරන අතර ඒවා භාවිතා කළ හැක්කේ ඉන්ධන පිරවුම්හල් වලදී පමණි. මෙහිදී, මාසය ආරම්භයේදී සමාගමට සිය සේවකයින්ගේ මාසික ඉන්ධන දීමනාව කොමර්ෂල් බැංකුවේ පෙර ගෙවුම් ඉන්ධන කාඞ්පත් ගිණුමට බැරකළ හැකි අතර සේවකයින්ට මාසය පුරාම එම කාඞ්පත තුළින් ඉන්ධන මිලදීගැනීමට මෙමගින් අවස්ථාව හිමිවේ. මෙහිදී, සේවකයින් විසින් මාස්පතා ඉන්ධන මිලදීගත් ප‍්‍රමාණය පිළිබඳ තොරතුරු බැංකුව විසින් සමාගමට ලබාදෙන අතර එහිදී අවශ්‍යතාවය පරිදි එම කාඞ්පතට තවදුරටත් මුදල් බැර කිරීම සමාගමට සිදුකළ හැකිවේ.

සේවකයෙකු විසින් ඉන්ධන මිලදීගැනීමේදී සමාගමක ජංගම ගිණුමෙන් මුදල් ගෙවනවා නම් එය ස්වයංක‍්‍රීයව සිදුකිරීමට හැකි ආයතනික ඉන්ධන ක්‍රෙඩිට් කාඞ්පතක්ද බැංකුව විසින් දියත් කර තිබේ.

කොමර්ෂල් බැංකුව විසින් 2019 වසරේදී පෙරගෙවුම් කාඞ්පත් හඳුන්වා දුන් අතර මෙම කාඞ්පත් වලට මුදල් බැරකර විවිධ කාර්යන් සඳහා මුදල් වියදම් කිරීමටත් අවධානමකින් තොරව තමන්ගේ මුදල් ගනුදෙනු විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කර ගැනීමටත් හැකි විය. පවුලේ සාමාජිකයින්ගේ වියදම් සඳහා මුදල් ලබාදීම සඳහා භාවිතා කළ හැකි මල්ටි පර්පස් ස්පෙන්ඞ් කාඞ් පතක් සහ අන්තර්ජාල ගනුදෙනු වෙනුවෙන් භාවිතා කළ හැකි පෙරගෙවුම් වෙබ් කාඞ්පතක්ද මේ අතර විය.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව