කොමර්ෂල් බැංකුව ආනයන හා අපනයනකරුවන් සඳහා ‘TradeLink’ ඩිජිටල් සේවාව හඳුන්වා දෙයි

ComBank TradeLink (LBN)

මෙරට පුද්ගලික අංශයේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා පහසුකම් සපයන විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව වෙතින් ශ්‍රී ලංකාවේ ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ට ඔවුන්ගේ සියලුම මූල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා නවීන ඩිජිටල් සේවාවක් හඳුන්වා දී ඇත.

‘Combank TradeLink’ ඩිජිටල් සේවාව බාධාවකින් තොරව ක්‍රියාත්මක වන, පරිශීලකයින්ට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සැලසුම් කළ අතුරු මුහුණතකින් සමන්විත වන අතර එය වෙළඳ මූල්‍ය ගනුදෙනු සරල කර වේගවත් හා පාරිභෝගික අනුකූලතාව වර්ධනය කරමින් පරිශීලකයාට අවශ්‍ය විසඳුම් ලබා දෙන බව බැංකුව පවසයි.

‘Combank TradeLink’ භාවිතා කරන ආනයනකරුවන්හට 24ං7 තත්‍ය කාලීන සේවාවන් ලබා ගත හැක. එම සේවාවන් අතරට ආනයන ණයවර ලේඛන, ආනයන එකතු කිරීමේ ලේඛන, නැව්ගත කිරීමේ ඇපකර හා අත්තිකාරම් ලේඛන, විවෘත ගිණුම් පියවීම, අත්තිකාරම් ගෙවීම් සහ ඇපකර ලේඛන ආදිය ඇතුලත් වේ.



අපනයනකරුවන්ට මෙම මාර්ගගත සේවාව හරහා අපනයන ණයවර ලේඛන සහ අපනයන එකතු කිරීමේ ලේඛන ලබාගත හැකි අතර එමගින් ඔවුනගේ අපනයන ආශ්‍රිත ගනුදෙනු වේගවත් කර කාර්යක්ෂමතාව වැඩිදියුණු වේ.

මෙම සේවාව සියලුම අංශය වල මෙන් ම විවිධ ප්‍රමාණයන් සහ ධාරිතාවලින් යුත් ව්‍යාපාර සඳහා සහය වනු ඇති අතර බැංකුවට තම පාරිභෝගිකයින් සමඟ සන්නවේදනය කිරීමට තවත් මාර්ගයක් සපයනු ඇත.

“ආරම්භයේ සිටම කොමර්ෂල් බැංකුව වෙළඳ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ක්‍රියාකරුවෙකු වී ඇති අතර ඓතිහාසිකව ආනයන හා අපනයන ක්ෂේත්‍ර සඳහා මෙරට විශාලතම පහසුකම් සපයන්නා බවට ද පත්ව ඇත,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා පැවසීය. “වෙළඳ මූල්‍ය පහසුකම් සැපයීම සඳහා වූ මෙම කැපවීම මෙම නවතම මුලපීරීම සමඟ ද අඛණ්ඩව පවතින අතර එමගින් මෙම ක්ෂේත්‍රයේ දේශීය හා ගෝලීය වෙනස්කම් සමඟ පුළුල් වන සහ පරිණාමය වන මාර්ගගත සේවා සමූහයක් සමඟ වෙළඳ මූළ්‍යකරණය ඩිජිටල් ක්ෂේත්‍රයකට රැගෙන යනු ඇත.”

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව