කොමර්ෂල් බැංකුව, අඛණ්ඩව තෙවන වසරටත් ‘Daraz හි වඩාත්ම සකී‍්‍රය කාඞ්පත් පදනම’ සහිත බැංකුව ලෙස සම්මාන ලබයි

Daraz Payment Partner Performance Awards 2022 (LBN Fill)

 



 

 

 

දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz විසින් පැවැත්වූ 2022 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන ප‍්‍රදානයේදී පිට පිටම තුන්වන වසර සඳහාත් ‘වඩාත්ම සකී‍්‍රය කාඞ්පත් පදනම’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනා ගන්නා ලදී.

2021-22 මූල්‍ය වර්ෂය තුළ ක්‍රෙඩිට් සහ ඩෙබිට් යන කාඞ්පත් දෙවර්ගයෙන්ම වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සහ අනන්‍ය ගැනුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදුකරමින් Daraz වෙළෙඳ වෙබ් අඩවිය සවිබල ගැන්වීම වෙනුවෙන් බැංකුවට මෙම සම්මානය හිමිවිය.

අඛණ්ඩව වසර තුනක් මෙම ගෞරවණීය සම්මානය දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව ලෙසින්ද මෙහිදී කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

2021 ජනවාරි මාසයේ සිට සම්මානය ලබාදුන් කාල සීමාව දක්වා Daraz සමග එක්වී කාඞ්පත් ප‍්‍රවර්ධන වැඩසටහන් 18 ක් පැවැත්වූ බවත් ඒ තුළින් බැංකුවේ අන්තර්ජාල ගනුදෙනුකරුවන් විශාල ප‍්‍රමාණයක් මෙම වෙබ් අඩවිය තුළින් භාණ්ඩ මිලදී ගැනීමට දිරිමත් කළ බව බැංකුව සඳහන් කරයි. මේ හේතුවෙන් මේ වසරේදී වැඩිම ගෙවීම් ප‍්‍රමාණයක් මෙම වෙබ් අඩවිය ඔස්සේ සිදුකිරීමට කොමර්ෂල් බැංකුව දායකත්වය ලබාදී තිබේ. වසර පුරා පැවති මෙම ප‍්‍රවර්ධන වැඩසටහන් කොමර්ෂල් බැංකුව විසින් නිර්මාණය කර තිබෙන්නේ සිය කාඞ්පත් ගනුදෙනුකරුවන්ට උපරිම ප‍්‍රතිලාභ ලැබෙන අතරම පාර්ශවකාර වෙළෙඳ ආයතන සමග මනා බැඳීමක් ඇතිවන ආකාරයටයි.

2021-22 වසරේදී සිදුකළ අන්තර්ජාල ප‍්‍රවර්ධන වැඩසටහන් වලදී කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් වෙතින් Daraz වෙනුවෙන් වැඩිම අලෙවි ප‍්‍රමාණය ජනිත කළ අතර මෙයට ශ‍්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල සාප්පු සැණකෙළිය ලෙසින් සැලකූ ‘Daraz 11.11’ සහ ‘Daraz 12.12’ ඇතුළත් විය.

මෙම නවතම සම්මානය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධාන කළමනාකරු, නිශාන්ත ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘Daraz වැනි වෙබ් අඩවි මගින් නියෝජනය වන්නේ වර්තමාන සහ අනාගත ඊ-වාණිජ්‍යය අංශය පමණක් නෙවෙයි. ඒ තුළින් කොමර්ෂල් බැංකුව විසින් ඩිජිටල් සහ වෙබ් අඩවි පදනම් කරගත් බැංකුකරණ කටයුතු සාමාන්‍යය මහජනතාව අතරට ගෙන යෑමට දරන ප‍්‍රයත්නවලට ද සහයෝගය ලැබෙනවා. Daraz වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් ජනිත කරන ගනුදෙනු ප‍්‍රමාණය ඉතාමත් ශක්තිමත්ව වර්ධනය වීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා. එසේම, අනාගතයේදී Daraz වෙබ් අඩවිය සමග තව තවත් නව්‍ය ලෙස සම්බන්ධ වීමට අපි බලාපොරොත්තු වෙනවා.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව