කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ඇප් සේවාවේ පහසුකම් තවත් වැඩි කරයි

ComBank Q+ in-App Bill Payment upgrade

 




 

 

කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් පදනම් කරගත් ගෙවීමේ ඇප් සේවාව වන ComBank Q+ මගින් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තමන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා හිඟ මුදල් සහ පෙර ගෙවුම් කාඞ්පත් සඳහා ක්ෂණිකව සහ පහසුවෙන් මුදල් බැර කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.

මේ අනුව, ComBank Q+ ඇප් සේවාවේ ‘Bill payment’ මෙනුවේ කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත් සහ පෙර ගෙවුම් කාඞ්පත් සඳහා ගෙවීමේ විකල්ප ඇතුළත් කර තිබේ. බැංකුව සඳහන් කරන්නේ කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන  ඕනෑම වීසා, මාස්ටර්කාඞ් හෝ යුනියන්පේ ක්‍රෙඩිට් කාඞ්පතක් සඳහා මෙම ඇප් පහසුකම භාවිතා කරමින් ගෙවීම් කළ හැකි බවයි.

මෙහිදී, ගනුදෙනුකරුවන්ට සිය ගෙවීම් කිරීම සඳහා අංක 16 කින් යුතු තමන්ගේ කාඞ්පත් අංකය ඇතුළත් කිරීමට සිදුවේ. එක් වරක් ගෙවීමක් කළ විට එය ‘Favourites’ කොටසට ඇතුළත් කළ හැකි අතර ඉන් පසුව නැවතත් ගෙවීම් කිරීමේදී කාඞ්පත් අංකය යළිත් ඇතුළත් කළ යුතු නොවේ.

මෙම ගෙවීම් කිරීමේදී කාඞ්පත් අංකයෙහි නිරවද්‍යතාව ඒ මොහොතේම සනාථ කරන අතර,  ගනුදෙනුකරුවාගේ ක්‍රෙඩිට් කාඞ්පතට හෝ පෙරගෙවීම් කාඞ්පතට ක්ෂණිකව මුදල් බැර වන නිසා ComBank Q+ ඇප් පහසුකම මගින් ගෙවීම් කිරීමෙන් පසුව ඉක්මනින්ම කාඞ්පත මිලදීගැනීම් සඳහා භාවිතා කිරීමේ අවස්ථාව ගනුදෙනුකරුවන්ට හිමිවේ.

කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකමේ මෙම නවතම වැඩිදියුණු කිරීමට අනුව ඬේටා රීලෝඞ්ස්, පෙර ගෙවුම් සහ පසු ගෙවුම් ජංගම දුරකථන, ස්ථාවර දුරකතන, ජල සහ විදුලි (විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ) මෙන්ම ගාස්තු අයකරණ රූපවාහිනී බිල්පත් වැනි අංශ හයක බිල්පත් ගෙවීමේ අවස්ථාව හිමිවේ. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත අධ්‍යාපන ආයතන, රක්ෂණ සමාගම්, ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් සහ පෙර ගෙවුම් කාඞ්පත් වලට මුදල් යෙදවීමේ පහසුකම්ද ඇතුළත් කරමින් මෙම පහසුකම තවදුරටත් වර්ධනය කරන බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුවේ Q+ ඉතාමත් ශක්තිමත් අති නවීන ජංගම දුරකතන ඇප් පහසුකමක් වන අතර එය ඇන්ඩ්‍රොයිඞ් සහ iOS යන දෙවර්ගයේම උපකරණවල භාවිතා කළ හැකිවේ. මෙය LANKAQR යටතේ එළිදැක්වූ ක්ෂණික ප‍්‍රතිචාර (QR) පදනම් කරගත් පළමු ගෙවීමේ ඇප් පහසුකම වන අතර කාඞ්පත් හිමියන් සහ වෙළෙඳුන්ට කිසිදු කරදරයකින් තොරව ගෙවීම් කිරීමේ අවස්ථාව ලබාදෙමින් එය නිර්මාණය කර තිබේ. මේ සඳහා ලියාපදිංචි වීමට ගනුදෙනුකරුවන්ට කොමර්ෂල් බැංකුවේ මාස්ටර්කාඞ්, වීසා ක්‍රෙඩිට්, ඩෙබිට් හෝ පෙර ගෙවුම් කාඞ්පත් භාවිතා කළ හැකිවේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 887 ක් පවත්වාගෙන යයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව