කොමර්ෂල් බැංකුවේ 5 වන ‘අරුණළු සිත්තම්’ තරඟයෙන් දරුවන්ගේ කලාත්මක කුසලතා ඔප්නැංවීමට ත්‍යාග 142ක්

Arunalu Siththam

කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන ‘අරුණළු සිත්තම්’ ළමා චිත්‍ර තරගයේ පස්වන කලාපයේ එළිදැක්වීම සමග රට පුරා සිටින ශ්‍රී ලාංකික දරුවන් සේම විදෙස්ගතව සිටින්නන් හට ද නැවත වරක් ඔවුන්ගේ කලාත්මක හැකියා සඳහා රුපියල් මිලියන 2.4 ක මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව එළඹ ඇත.

වයස අවුරුදු 4-16ත් අතර ළමුන් සඳහා වන මෙම තරඟය බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණළු’ ගිණුමේ නමින් සංවිධානය කරනු ලබන අතර, එය අන්තර්ජාලය ඔස්සේ පවත්වන බව බැංකුව නිවේදනය කරයි.




අරුණළු සිත්තම් නැවත වරක් තරුණ කලාකරුවන් 142 දෙනෙකු සඳහා මුදල් ත්‍යාග සහ තවත් තරගකරුවන් 250 දෙනෙකුට කුසලතා සහතික ද පිරිනැමීමට නියමිත අතර සියලු ඇතුළත් කිරීම් 2024 වසරේ අගෝස්තු මස 31 දිනට පෙර ඉදිරිපත් කළ යුතුය. www.arunalusiththam.lk වෙත පිවිසීමෙන් චිත්‍රයේ ස්කෑන් කළ පිටපතක් අදාළ විස්තර සමග අප්ලෝඩ් කිරීමෙන් තරගකරුවන්ට තම චිත්‍ර ඉදිරිපත් කළ හැක. මෙම චිත්‍ර JPEG ආකෘතියෙන් 5 MB නොයික්මන ගොනුවක් ලෙස පැවතිය යුතු බව බැංකුව දන්වා සිටියි. එක් තරඟකරුවෙක් එක් චිත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා සීමාවන අතර එය වෙනත් තරගයකට ඉදිරිපත් නොකළ මුල් නිර්මාණයක් විය යුතුය.

සහභාගීවන්නන්ට කාණ්ඩ පහක් යටතේ ඔවුන්ගේ චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. පෙර පාසල් (වයස 4-5), ප්‍රාථමික (වයස 6-7), පශ්චාත් ප්‍රාථමික (වයස 8-10), කණිෂ්ඨ (වයස 11-13) සහ ජ්‍යෙෂ්ඨ (වයස 14-16) එම කාණ්ඩ වෙයි. පෙර පාසල්, ප්‍රාථමික සහ පශ්චාත් ප්‍රාථමික කාණ්ඩයේ තරඟකරුවන්ට A3 ප්‍රමාණයේ කඩදාසි මත තමන් තෝරා ගන්නා ඕනෑම මාතෘකාවක් යටතේ චිත්‍ර ඇඳීමට පූර්ණ නිදහස ඇති අතර, පශ්චාත් ප්‍රාථමික, කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩවල සහභාගීවන්නන් පිළිවෙලින් ‘ගම්වැසියෝ ’ , ‘අපේ සිරිත් විරිත්’ (චාරිත්‍ර වාරිත්‍ර) සහ අපේ ‘සංස්කෘතික අවස්ථා’ (අපේ සංස්කෘතිකාංග) යන තේමාවන් ගවේෂණය කරමින් චිත්‍ර නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටියි. අඟල් 14×18 කඩදාසි මත චිත්‍ර නිර්මාණ කළ යුතුය.

තරගකරුවන්ට තම අදහස් කඩදාසි මත වර්ණ ගැන්වීම සඳහා අභිමතය පරිදි ඕනෑම මාධ්‍යයක් තෝරා ගත හැකි වුවත් ඇලෙන සුළු හෝ නොවේලෙන තීන්ත වර්ග භාවිත නොකළ යුතු බව බැංකුව ප්‍රකාශ කරයි. දේශීය පෙර පාසල් කාණ්ඩයේ නිර්මාණාත්මක චිත්‍ර ඉදිරිපත් කරන ලාබාලතම තරඟකරුවන් 25 දෙනෙකුට රුපියල් 10,000 බැගින් මුදල් ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමෙන බව බැංකුව පවසයි. මෙම කාණ්ඩයේ තවත් සහභාගීවන්නන් 50 දෙනෙකුට කුසලතා සහතිකද පිරිනැමෙයි.

තවද දේශීය අංශයේ අනෙකුත් වයස් කාණ්ඩ හතරේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා චිත්‍ර සඳහා රුපියල් 100,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, මෙම කාණ්ඩවල දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 75,000 සහ රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනමනු ලබයි.

දේශීය පශ්චාත්-ප්‍රාථමික, ප්‍රාථමික, කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන සෑම කාණ්ඩයකම තරඟකරුවන් 25 දෙනෙකුට සහතිකපත් සමග රුපියල් 10,000 බැගින් මුදල් ත්‍යාග සමග විශිෂ්ඨතා සම්මානද හිමිවෙයි. මෙම කාණ්ඩ අතරෙන් තවත් තරඟකරුවන් 50 දෙනෙකුට කුසලතා සහතික පිරිනැමෙයි. තරඟාවලියේ අවසන් දිනයේ කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ හෝ ‘ඉසුරු’ ගිණුම්හිමියන් මුදල් ත්‍යාගවල ජයග්‍රාහකයින් ලෙස තෝරාගනු ලැබුවහොත් ඔවුන්ට විශේෂ ත්‍යාගයක් ද හිමිවන බැව් බැංකුව පවසයි. කෙසේ වුවද කොමර්ෂල් බැංකුවේ ගිනුම් හිමියෙකු ද නැද්ද යන නොසලකා මෙම වයස් කාණ්ඩයන්හි ඕනෑම දරුවෙකුට මෙම තරඟය සඳහා සහභාගි වීමට අවස්ථාව පවතී.

විදේශගත වී සිටින ශ්‍රී ලාංකික දරුවන් සඳහා වන කාණ්ඩයේ ජයග්‍රාහී චිත්‍ර නිර්මාණ සඳහා, එහි වයස් කාණ්ඩ පහටම අදාලව හොඳම චිත්‍රය සඳහා රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමෙයි. ඉදිරිපත් කරන ලද චිත්‍ර සඳහා සියලුම හිමිකම් බැංකුව සතු වන බවත් ජයග්‍රාහකයන් සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීම ප්‍රවීණ විනිසුරු මණ්ඩලයක් හරහා සිදුවන බවත් බැංකුව දන්වා සිටියි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව