කොමර්ෂල් බැංකුවේ 4 වැනි ‘අරුණළු සිත්තම්’ චිත්‍ර තරඟයට රුපියල් මිලියන 2.4ක මුදල් ත්‍යාග

Arunalu Siththam 2023 launch (LBN)

 



 

 

සිව්වන වසරටත් දියත් කර ඇති කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන දීපව්‍යාප්ත ළමා චිත්‍ර තරඟය වන ‘අරුණළු සිත්තම්’ තරඟයේ නව අංගයක් ලෙසට දැනට විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ටත් තරඟය විවෘත කරන බව බැංකුව නිවේදනය කර ඇත.

වයස අවුරුදු 4-16ත් අතර ළමුන් සඳහා වන මෙම තරඟය බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණළු’ ගිණුම යටතේ පවත්වනු ලබන අතර, එය තුන්වන වරටත් මෙම වසරේ අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන බව බැංකුව ප්‍රකාශ කරයි.

‘අරුණළු සිත්තම්’ තරුණ කලාකරුවන් 142 දෙනෙකුට මේ වසරේදී රුපියල් මිලියන 2.4ක සමුච්චිත වටිනාකමක් සහිත මුදල් ත්‍යාග පිරිනමන අතර, තවත් තරඟකරුවන් 250 දෙනෙකුට කුසලතා සහතිකද පිරිනැමීමට නියමිතය. තරඟය සඳහා සියලුම අයැදුම් කිරීම් අන්තර්ජාලය හරහා ඉදිරිපත් කළ යුතුය.

සහභාගීවන්නන්ට කාණ්ඩ පහක් යටතේ ඔවුන්ගේ චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. පෙර පාසල් (වයස 4-5), ප්‍රාථමික (වයස 6-7), පශ්චාත් ප්‍රාථමික (වයස 8-10), කණිෂ්ඨ (වයස 11-13) සහ ජ්‍යෙෂ්ඨ (වයස 14-16) එම කාණ්ඩ වෙයි.

පෙර පාසල්, ප්‍රාථමික සහ පශ්චාත් ප්‍රාථමික කාණ්ඩයේ තරඟකරුවන්ට A3 ප්‍රමාණයේ කඩදාසි මත තමන් තෝරා ගන්නා ඕනෑම මාතෘකාවක් යටතේ චිත්‍ර ඇඳීමට පූර්ණ නිදහස ඇති අතර, කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩවල සහභාගීවන්නන් පිළිවෙලින් ‘දරුවන් ලෙස අපගේ වගකීම’ සහ ‘හරිත ලෝකයක්’ යන තේමාවන් ගවේෂණය කරමින් චිත්‍ර නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටියි. අඟල් 14×18 කඩදාසි මත චිත්‍ර නිර්මාණ කළ යුතුය.

‘අරුණළු සිත්තම්’ 2023 සඳහා ඇතුළත් කිරීම් 2023 සැප්තැම්බර් 15 දිනෙන් අවසන් වෙයි. මෙහිදී www.arunalusiththam.lk වෙත පිවිසීමෙන් සහ අදාළ විස්තර සමග ඔවුන්ගේ චිත්‍රයේ ස්කෑන් කල පිටපතක් අප්ලෝඩ් කිරීමෙන් තරඟකරුවන්ට තම චිත්‍ර ඉදිරිපත් කල හැකිය.

දේශීය පෙර පාසල් කාණ්ඩයේ නිර්මාණාත්මක චිත්‍ර ඉදිරිපත් කරන ලාබාලතම තරඟකරුවන් 25 දෙනෙකුට රුපියල් 10,000 බැගින් මුදල් ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමෙන බව බැංකුව පවසයි. මෙම කාණ්ඩයේ තවත් සහභාගීවන්නන් 50 දෙනෙකුට කුසලතා සහතිකද පිරිනැමෙයි.

තවද දේශීය අංශයේ අනෙකුත් වයස් කාණ්ඩ හතරේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා චිත්‍ර සඳහා රුපියල් 100,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, මෙම කාණ්ඩවල දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 75,000 සහ රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග සහ සහතික පත්‍රද පිරිනැමෙයි.

දේශීය පශ්චාත්-ප්‍රාථමික, ප්‍රාථමික, කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන සෑම කාණ්ඩයකම තරඟකරුවන් 25 දෙනෙකුට සහතිකපත් සමග රුපියල් 10,000 බැගින් මුදල් ත්‍යාග සමග විශිෂ්ඨතා සම්මානද හිමිවෙයි. මෙම කාණ්ඩ අතරෙන් තවත් තරඟකරුවන් 50 දෙනෙකුට කුසලතා සහතික පිරිනැමෙයි. තරඟාවලියේ අවසන් දිනයේ කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ සහ ‘ඉසුරු’ ගිණුම්හිමියන් මුදල් ත්‍යාගවල ජයග්‍රාහකයින් ලෙස තෝරාගනු ලැබුවහොත් ඔවුන්ට විශේෂ ත්‍යාගයක් ද හිමිවන බැව් බැංකුව පවසයි.

විදේශගත වී සිටින ශ්‍රී ලාංකික දරුවන් සඳහා වන නව කාණ්ඩයේ ජයග්‍රාහී චිත්‍ර නිර්මාණ සඳහා, එහි වයස් කාණ්ඩ පහටම අදාලව හොඳම චිත්‍ර සඳහා රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග 5ක් පිරිනැමෙයි.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව