කොමර්ෂල් බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට සරසවි වෙතින් 20% ක් දක්වා වට්ටම්

Sarasavi discounts

 




 

 

සංචරණ කාල සීමා නිසා නිවෙස් වලට වී සිටින දරුවන්ට ප‍්‍රතිලාභ ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා 2022 අගෝස්තු මාසය අවසානය දක්වා දිවයින පුරා පිහිටි  ඕනෑම සරසවි පොත් හලකින් පොත් සහ පාසැල් උපකරණ මිලදීගැනීමේදී 20% ක් දක්වා වට්ටම් ලබාදීමට කොමර්ෂල් බැංකුව කටයුතු කර තිබේ.

මේ අනුව, කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා ඉතුරු කිරීමේ ගිණුම් සහ ‘ඉසුරු’ ළමා ඉතුරු කිරීමේ සැලසුම් ‘Dotcom’ යොවුන් ගිණුම් හිමි දරුවන් මෙම විශේෂ වට්ටම් ලබාගැනීමට සුදුසුකම් ලබන අතර ඔවුන් තමන්ට අවශ්‍ය කියවන සහ ලියන පොත් මෙන්ම පාසැල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය මිලදීගැනීමේදී මෙම වට්ටම් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

මෙම ගිණුම් හිමියන්ට සරසවි පබ්ලිකේෂන්ස් සහ වීරෝදාර ස්ටේෂනරි වෙතින් 20% ක වට්ටමක් හිමිවන අතර මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළදී සරසවි පොත්සැල් වලින් මිලදී ගන්නා අනිකුත් සියළුම ප‍්‍රකාශන සහ ලිපිද්‍රව්‍ය සඳහාද 10% ක වට්ටමක් හිමිවේ. කැල්කියුලේටර්, අධ්‍යාපනික ප‍්‍රකාශන සහ සරසවි වෙතින් අනිකුත් සේවා ලබාගැනීමේදී මෙම වට්ටම් හිමි නොවන බව ද බැංකුව සඳහන් කරයි.

මෙම වට්ටම් ලබාගැනීම සඳහා  ඕනෑම සරසවි පොත් සැලකින් බිල්පත් ගෙවීමේදී ‘අරුණළු’ හෝ ‘ඉසුරු’ සන්නාමය සහිත ළමා ඉතුරු කිරීමේ පාස්පොත්, ‘ඉසුරු’ ඉතුරුකිරීමේ සහතික හෝ Dotcom ඩෙබිට් කාඞ්පත ඉදිරිපත් කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ පොත් කර්මාන්තයේ පුරෝගාමී ආයතනයක් වන සරසවි බුක්ෂොප් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම මෙරට තිබෙන විශාලතම පොත් අලෙවිසැල් ජාලය වේ. මේ වනවිට, දිවයින පුරා විහිදුණු පොත් අලෙවිසැල් 28 ක් සරසවි සමාගම සතුවේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව