කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 91.8 ක් සහ 2021 වසරේදී රුපියල් බිලියන 848.4 ක් නිකුත් කරයි

Webp.net-resizeimage

 



 

 

 

ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATMs) වලින් සහ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) වලින් සමන්විත කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය මුදල් මුදාහැරීමේ ජාලය මගින් ශ‍්‍රී ලාංකිකයින් උත්සව සමයට සහ 2022 වසරට සූදානම් වූ පසුගිය දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 91.872 ක අති දැවැන්ත මුදලක් මුදාහැර තිබේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සඳහන් කරන්නේ දෙසැම්බර් 31 වනදා මෙම ජාලය මගින් රුපියල් බිලියන 4.234 ක මුදලක් මුදාහැර තිබෙන බවත් එය දෙවැනි වන්නේ 2021 අපේ‍්‍රල් 09 වනදා සහ 10 වනදා තනි දිනයක් තුළ නිකුත් කළ මුදල් එකතුවට පමණක් බවයි. මීට අමතරව, දෙසැම්බර් මාසයේ දින 16 ක් බැංකුවේ යන්ත‍්‍ර ජාලය මගින් දිනකට රුපියල් බිලියන 03 ක සාමාන්‍යයක් නිකුත් කර තිබේ. මේ දිනයන් අතුරින් එක් දිනයක් තුළ වැඩිම මුදල් ප‍්‍රමාණයක් නිකුත් කර තිබෙන්නේ දෙසැම්බර් 31 වනදා, දෙසැම්බර් 10 වනදා සහ දෙසැම්බර් 24 වනදා යන දින වලදී බව බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලාංකිකයින්ගේ ජීවිත නගා සිටුවීමට කොමර්ෂල් බැංකුව දක්වන දායකත්වයත් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATMs) වලින් සහ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) වලින් සමන්විත ස්වයංක‍්‍රීය මුදල් මුදාහැරීමේ ජාලයේත් විශ්වසනීයත්වය සහ ශක්තිමත් බව මෙයින් විදහා දක්වන  බව බැංකුව සඳහන් කරයි. මේ අනුව, මෙම ජාලය මගින් 2021 වසරේදී සමස්තයක් ලෙස රුපියල් බිලියන 848.427 ක මුදලක් නිකුත් කර තිබෙන අතර එය සාමාන්‍යයෙන් මසකට රුපියල් බිලියන 70.7 ක මුදල් නිකුත් කිරිමක් වේ.

කොමර්ෂල් බැංකුවේ මුදල් නිකුත් කිරීමේ ජාලයට ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 625 ක් සහ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) 275 ක් ඇතුළත් වන අතර එමගින් 2021 දෙසැම්බර් මාසයේදී ගනුදෙනු මිලියන 5.3 ක් සිදුකර තිබේ. එය සාමාන්‍යයෙන් දිනයකදී ගනුදෙනු 170,933 ක් හෙවත් පැයකදී ගනුදෙනු 7,122 ක් වේ. දෙසැම්බර් 24 වනදා මෙම ජාලය මගින් ගනුදෙනු 241,427 ක් සිදුකළ අතර එය 2021 වසරේදී දිනක් තුළ සිදුකළ වැඩිම ගනුදෙනු ප‍්‍රමාණය බව බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් ක‍්‍රියාත්මක කරයි. බැංකුවේ යන්ත‍්‍ර ජාලය ශ‍්‍රී ලංකාවේ තනි බැංකුවක් සතු විශාලතම ස්වයංක‍්‍රීය මුදල් නිකුත් කිරීමේ ජාලයයිග ශ‍්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව