කොමර්ෂල් බැංකුවේ නායකත්වයෙන් LANKAQR ප‍්‍රචලිත කිරීමට ගම්පහ ජාතික වැඩසටහනක්

Webp.net-resizeimage

 



 

 

 

LANKAQR ප‍්‍රචලිත කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දිවයින පුරා දියත් කර තිබෙන ජාතික වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් විශේෂ ආරාධිත අමුත්තන්, පාර්ශවකාර බැංකුවල සාමාජිකයින්, වෙළෙඳුන් සහ තවත් විශාල පිරිසක් සමග ගම්පහ නගර සභා ක‍්‍රීඩාංගනයේදී ජනවාරි 22 වනදා පවත්වන ලදී.

මෙය 2022 වසරේදී පැවැත්වූ පළමු LANKAQR වැඩසටහන වන අතර මේ තුළින් LANKAQR ගෙවීම් ජංගම දුරකතන උපකරණ භාවිතා කරමින් සිදුකළ හැකි අඩු පිරිවැය ඩිජිටල් ගෙවීමේ ක‍්‍රමයක් සහ සුරක්ෂිත මෙන්ම පහසු ගෙවීමේ විසඳුමක් ලෙස සුළු හා මධ්‍යම පරිමාණ වෙළෙඳුන් අතර ප‍්‍රචලිත කිරීමට ඉලක්ක කර තිබේ.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් තරුණ කටයුතු සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම සංවර්ධන සම්බන්ධීකරණ සහ නිරීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී විය.

එසේම, මෙම උත්සවයේ ගෞරවණීය ආරාධිත අමුත්තෙකු ලෙස සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාද එක්විය.

මීට අමතරව, මෙම උත්සව අවස්ථාවට ගම්පහ නගරාධිපති, එරංග සේනානායක මහතා සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ධර්ම ශ‍්‍රී කුමාරතුංග මහතාද සහභාගී වී සිටියේය.

මෙම වැඩසටහනට පැමිණ Q+ ගෙවීමේ ඇප් පහසුකම මගින් එම උත්සව අවස්ථාවේදී සහ ගම්පහ ප‍්‍රදේශයේ වෙළඳ ආයතන වලින් භාණ්ඩ මිලදීගන්නා අයට කොමර්ෂල් බැංකුව විසින් ඔවුන් වැය කරන මුදල් වලින් 35% ක් දෛනිකව උපරිමය රුපියල් 750 ක් දක්වා ආපසු ගෙවීමට තීරණය කර තිබේ. මෙම දීමනාව ජනවාරි 31 වනදා දක්වා ක‍්‍රියාත්මක වන බව බැංකුව සඳහන් කරයි.

මීට අමතරව, LANKAQR ජනප‍්‍රිය කරවීම සඳහා කොමර්ෂල් බැංකුවේ අලෙවි කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් ප‍්‍රදේශයේ වෙළෙඳසැල් වෙත ගොස් වෙළෙඳ මහත්ම මහත්මීන් ලියාපදිංචි කිරීමක්ද කළේය.

Q+ ගෙවීමේ ඇප් පහසුකම ශ‍්‍රී ලංකාව තුළ වේගයෙන්ම වර්ධනය වන QR ඇප් පහසුකම වන අතර LANKAQR යටතේ ආරම්භ කළ පළමු QR පදනම් කරගත් ඇප් පහසුකම වේ. එසේම, මේ වනවිට VISAQR, Mastercard QR සහ UnionPay QR සමග ක‍්‍රියාකළ හැකි මෙරට එකම ගෙවීමේ ඇප් සේවාව වන්නේද Q + ගෙවීමේ ඇප් සේවාවයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව