කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමලය ශාඛාව නව පරිසර හිතකාමී ගොඩනැගිල්ලක පිහිටුවයි

Trincomalee relocation (1)

කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමලය ශාඛාව බැංකුව විසින් සිය ඉඩමක ගොඩනැගූ පරිසර හිතකාමී නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.

මෙම ගොඩනැගිල්ල ඉදිකරන අවස්ථාවේදී පවා පරිසරයට සිදුවන බලපෑම අවම වන අයුරින් එම ඉදිකිරීම් තිරසාර අයුරින් සිදුකළ අතර ගොඩනැගිල්ලේ මෙහෙයුම් කටයුතු සිදුකරන විට එමගින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අවම කරන ආකාරයෙන් ගොඩනැගිල්ල නිර්මාණය කර තිබීමද මෙහිදී කැපී පෙනේ. එසේම, පරිසරයට මුල් තැනක් දෙමින් මෙම ගොඩනැගිල්ලේ ගෙවත්ත විචිත‍්‍රවත් අයුරින් නිර්මාණය කර තිබෙන අතර එම ස්ථානයෙහි වැඩි ඉඩ ප‍්‍රමාණයක් ගෙවත්ත සඳහා වෙන් කර ඇත.

අංක 420, උසාවිය පාර, ත‍්‍රිකුණාමලය යන ලිපිනයේ පිහිටා තිබෙන මෙම බැංකු ශාඛාව තට්ටු දෙකකින් සමන්විත වන අතර වහලයේ සූර්ය විදුලි බල පද්ධතියක් සවිකර ඇත. මෙම සූර්ය විදුලිබල පද්ධතිය නෙට් මීටරිං ක‍්‍රමයට අනුව ස්ථාපිත කර තිබෙන අතර වැසි දිය රැස්කොට පිරිසිදු කිරිමේ පහසුකමක්ද මෙම ගොඩනැගිල්ලේ ගොඩනගා තිබේ. මීට අමතරව, අප ජලය පිරිසිදු කරමින් ඒවා ගෙවත්ත සඳහා යොදාගැනීමේ පහසුකමක්ද මෙම ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත. මෙහි කැපී පෙනෙන තවත් කාරණයක් වන්නේ ගෙවත්ත ආලෝකකරණය කරන විදුලි පහන් සඳහා වෙනම සූර්ය පැනල සවිකර තිබීමයි.

දහවල් කාලයේ තිබෙන ස්වභාවික ආලෝකය මෙම ගොඩනැගිල්ලට උපරිමයෙන් ලබාගනිමින් බලශක්ති පරිභෝජනය අවම කරගන්නා ආකාරයට මෙම ගොඩනැගිල්ල නිර්මාණය කර තිබෙන අතර පරිසර හිතකාමී සහ බලශක්ති කාර්යක්ෂමතාවයෙන් උපරිම වායු සමීකරණ යන්ත‍්‍ර මෙම ගොඩනැගිල්ලට සවිකර ඇත. එසේම, මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙන පරිශ‍්‍රයේම බැංකුවේ කාර්ය මණ්ඩලයට භාවිතා කළ හැකි වෙනමම සංචාරක බංගලාවක්ද බැංකුව විසින් ඉදිකර තිබේ.

 




 

මෙම බැංකු ශාඛාවේ පාරිභෝගිකයින් වෙනුවෙන් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයක්, කෑෂ් රිසයික්ලර් යන්ත‍්‍රයක් (CRM) සහ e-Slips චෙක්පත් එකතු කිරීමේ පහසුකමක් පිහිටුවා තිබෙන අතර වසරේ දින 365 හේ පැය 24 පුරාම මුදල් ආපසු ගැනීම සහ තැන්පත් කිරීම මේ තුළින් සිදුකළ හැකිබව බැංකුව සඳහන් කරයි.

මෙම බැංකු ශාඛාව පෙබරවාරි 01 වනදා කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා විසින් නිළ වශයෙන් විවෘත කළ අතර එම අවස්ථාවට බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා මෙන්ම ආයතනික කළමනාකාරීත්වයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

කොමර්ෂල් බැංකුවේ පළමු ති‍්‍රකුණාමල ශාඛාව 2000 වසරේ මාර්තු මාසයේදී අංක 191, මැද පාරෙහි ආරම්භ කළදා පටන් ත‍්‍රිකුණාමල ජනතාවට බැංකු සේවා ලබාදෙයි. බැංකුව සඳහන් කරන්නේ පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා පැරණි ශාඛාවේ පවත්වාගෙන ගිය ස්වයංක‍්‍රීය බැංකුකරණ මධ්‍යස්ථානය (ABC) තවදුරටත් අඛණ්ඩවම පවත්වාගෙන යන බවයි.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 887 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව